“තවද පාසල තුල විවිධ ක්‍රියාකාරකම් සහ (විෂයට බාහිර ක්‍රියාකාරකම්) පිළිබදව ශිෂ්‍යයන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කල යුතු අතර එම ක්‍රියාකාරකම් වලට තේරී පත් වන ශිෂ්‍යයන් ගේ මුදල් එකතු කිරීම පිළිබදව පැමිණිලිකරු පැමිණිල්ලේ සදහන් කර සිටියි. අදාල වගඋත්තරකාර පාසල තුළ උගෙනුම ලබන සියලුම ළමුන් සමාන ආර්ථික මට්ටමේ නොසිටින අතර, සමහර දක්ෂ ළමයින්ට ආර්ථික අපහසුතාවයන් නිසාම බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගි වීමට මෙම මුදල් එකතු කිරීම බාධාවක් වේ.
එවැනි අවස්ථාවලදී රජයේ පාසැල් වල භුක්ති විදීමට තිබෙන සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් මගහැරී යාමට ඉඩ ඇත. පොදුවේ රජයේ පාසල්වල සියලු ළමුන්ට එක හා සමාන අයිතීන් ලබා දිය යුතු අතර, එම අවස්ථාව තහවුරු කිරීම පාසල් බලධාරීන්ගේ යුතුකම වේ. එබැවින් අදාල ව්ෂය බාහිර ක්‍රියාකාරකම් සදහා මුදල් එකතු කිරීමේදී දුප්පත් දෙමාපියන්ගේ ළමුන්ද සහභාගි වීම තහවුරු කල යුතු අතර, එවැනි ළමයින් තමන්ගේ ආර්ථික අපහසුතාවය නිසාම ඔවුන්ට අදාල අවස්ථාව අහිමි වීම කිසිසේත්ම පිළිගැනීමට හැකියාවක් නොමැත. එබැවින් ඒ පිළිබදවද පාසැල් බලධාරීන් අවධානය යොමු කල යුතු බවට පාර්ශවකරුවන්ට දන්වා සිටියි.”
- මානව හිමිකම් කොමිසම - පැමිණිලි අංක HRC/2528/24 - 2025.11.13
පැමිණිලිකරු පද්මසේන දිසානායකයි. පැමිණිල්ල කොළඹ රාජකීය විද්‍යාලය තුළ අනීතිකව සිදුකරනු ලබන මුදල් එකතුකිරීම් හරහා දරුවන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය හා සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝණය වීම සම්බන්ධවයි. ගොණු කරනු ලැබුවේ 2024.06.19 දිනයි.
(කරුණාකර කියවන්න රාජකීය විදුහල්පති කට්ටි පනී).
අවසන් පරීක්ෂණයේ දී විදුහල්පති නියෝජනය කල නියෝජ්‍ය ව්දහල්පති ප්‍රදීප් නිශාන්ත මහතා කියා සිටියේ විදුහල තුල අක්රමිකව මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති බවයි. කවද ඉදලද? අපි ඇහුවා. 2023.12.19 ඔහු ආත්ම විශ්වාසයෙන් පැවසුවා. එතකොට පහුගිය ජූනි මාසේ පොසොන් භක්ති ගීතවලට පුද්ගලික බැංකු account වලට සල්ලි දාන්ඩ කීවේ Thurstan Primary එකේද අපි ඇහුවා. එතකොට කීවේ අපි නිල වශයෙන් තහනම් කලාට නොනිල වශයෙන් එකතු විය හැකියි කියලා. එතැනින් එහාට අපි මොනව කියන්නද? කිතුලට නැගපු මිනිහටත් නිදහසට කරුනු තිබුනලු!
නියෝජ්‍ය විදුහල්පති file එකක් පුරාවට දෙමාපියන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කලා. මේ සම්බන්දව ඔබට කියන්ඩ තියෙන්නෙ මොනවද, මගෙන් ඇහුවා. ගිරයකට හිර වෙච්ච පුවක් ගෙඩියක් වෙන මොනව කියන්නද මම කීවා.
ඇත්ත, අපිට විදුහල්පති දංගෙඩියට දක්කන්ඩ බැරි වුනා තමයි. හැබැයි අපි පෙන්නල දුන්නා මේ ඊනියා තහනම් නියෝග කොච්චර හිස්ද කියලා. ඉස්සරහ සම්පූර්ණයෙන් රැකවල් යොදලා - බලන්ඩ ආසයි. පිටිපස්සේ මහ දවාලේ භාණ්ඩාගාරය හිස් කරනවා.
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි ඒ අමාරුව?



Comments
Post a Comment