පාසල් රංග මණ්ඩපයේ ප්‍රවේශ පත්‍රයට රුපියල් 3,000ක්? 'සුසර' පිටුපස ඇති කටුක යථාර්ථය සහ SDS එකේ කෙරුවාව! අද නවරංගහල ගොඩනැගිල්ල තුළ හඬනගන්නට පෙළගැසී සිටින්නේ අපේම දරුවන්ගේ අහිංසක සංගීත ස්වරයි. ඒ 'සුසර' ප්‍රසංගය වෙනුවෙන්. නමුත් ඒ මිහිරි ස්වර පිටුපස දෙමාපියන්ගේ සුසුම් හඬ යටපත් වී ඇති බව ඔබ දන්නවාද? මෙවර 'සුසර' ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රයක මිල සටහන් වී ඇත්තේ රුපියල් 3,000ක් ලෙසයි. පාසල් වේදිකාවක පැවැත්වෙන, තමන්ගේම දරුවන් ඉදිරිපත් වන ප්‍රසංගයක් නැරඹීමට දෙමාපිය යුවලකට රුපියල් 6,000ක මුදලක් වෙන් කිරීමට සිදුවීම සුළුපටු කාරණයක්ද? මේ අධික මිල පිළිබඳව කලකිරුණු දෙමාපියෙකු කළ විමසීමකට සංවිධායක මණ්ඩලයෙන් ලැබී ඇත්තේ පුදුමාකාර පිළිතුරකි: "දැනට SDS එකත් (පාසල් සංවර්ධන සමිතිය) යන්නේ හරිම අමාරු කාලයක..." නමුත් ඇත්තටම අමාරු SDS එකටද, නැතහොත් දූෂණය සහ මූල්‍ය වංචා වසාගැනීමට දෙමාපියන්ගේ පපුවට බර පටවන සංවිධායකයන්ටද? SDS එක යනු අද වන විට දූෂණයෙන් සහ අක්‍රමිකතාවලින් පිරී ඉතිරී ගිය තැනක් බව ප්‍රසිද්ධ රහසකි. සංවර්ධන සමිතියේ ඒ අසීමිත මූල්‍ය වංචා සහ ගිණුම්වල ඇති අක්‍රමිකතා වසාගැනීමට, ත...
We are the organized resistance of Old Royalists and parents fighting to reclaim our school from the corruption and favoritism that are destroying its standards and legacy.