ජනවාරි මස 20වනදා රාත්‍රී 10ට WhatsApp පණිවිඩයක් මගින් නිවේදනයක් නිකුත් කරන සහකාර විදුහල්පතිතුමිය, 21 වනදා පෙ.ව 7.10 ට නව පාසල් වාරය ආරම්භ වන බව මෙවර 6 ශ්‍රේණියට අලුතෙන් එන සිසුන්ට දන්වා ඇත
මෙහි ඇති කණගාටු දායකම කරුණ වන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ වැඩිම ලකුණු ලබාගෙන රාජකීය විද්‍යාලයට රටේ හතර දිග්භාගයෙන්ම පැමිණෙන්නට සිටින දරුවන්ගේ දෙමාපියන්ට සිදුවූ මෙම හදිසි අකරතැබ්බයයි
අප දන්නා පරිදි බොහෝ දෙනෙක් මිල මුදල්, මෙන්ම යාන වාහන නොමැති අසරණ දුප්පත් දරුවන්ගේ ළමයි හද්ද පිටිසරින් රාජකීය විද්‍යාලයට එන්නේ බොහෝ දුක් කරදර මැදයි
අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශවලින් රෑ දහයට පණිවිඩයක් ලබාදී හෙට උදේ හතයි දහයට පාසලට පැමිණෙන්න යැයි නොකියා කියන්නේ ඔවුන්ට පන්තියේ පලමු දවසේ අනිත් ළමයින් මෙන්ම එකට සහභාගී නොවන්නට කියාදැයි අපි විදුහල්පති තුමාගෙන් විමසමු
සැමට එක ලෙස සමානව සැලකීම මූලිකත්වය තිබිය යුතු රාජකීය විද්‍යාලය වැනි තැනකින් කුඩම්මාගේ සැලකිලි ලබන මෙවර ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ලබාගත් ලංකාවේ විශිෂ්ටතම දරුවන්ට සලකනවා නම් වෙනත් කවර කතාද?
මෙවැනි තීරණ ගන්නා ඉස්කෝලයක් ලොවෙත් ඇත්නම් අටපට්ටමට කියන්න

Can’t understand the mentality of the principal. Does he think this is military training? I am beyond saddened how Royal has deteriorated in the last 25 years. It’s beyond recovery. RIP
ReplyDelete