Skip to main content

ඉතිහාසයේ පළමු වරට පහසුකම් ගාස්තු වැඩි නොවූ වසරක්

අති විශිෂ්ඨ ජයග්‍රහනයක්

මෙතුවක් කාලෙකට අවුරුද්දක් පාසා Facilities Fees කීයකින් හරි වැඩි වුනා මිසක්, කවදාවක්වත් එකම මුදල අවුරුද්දකට වඩා පැවතුනේ නෑ.

හැබැයි මේ අවුරුද්දේ?
ගිය වසරේ ගානමයි.

මොකදෑ බොලේ ඒ?  Principal ට අමතක වුනාවද්ද?

නෑ, මේවා තමයි අපේ අනවරත අරගලයේ ප්‍රතිපල!

අපි SDS එක ඉලක්ක කරගෙන සන්නද්ධ මෙහෙයුම් දියත් කලේ මාස ගනනක ඉදලා. තමන් භාරයේ තිබී 2016 දී නැතිවූ ලක්ෂ 33, කිසිදු පරීක්ෂණයකින් තොරව 2023 වසරේ කපා හැරීම සම්බන්ධව අපි අල්ලස් කොමිසමට සහ වංචා විමර්ශන කාර්්‍යාංශයට එකවර පැමිණිළි කලා (පරීක්ෂන පැවැත් වේ). 2024 ගිණුම් සම්බන්ධව විගණන දෙපාර්තමේන්තුවට කල පැමිණිල්ලේ ප්‍රතිඵලය දශක ගනනාවකට පසු පූර්ණ විගණන පරීක්ෂනයක් අරඹීමයි.
අපි විදුහල්පති තුමාට, අමාත්‍යාංශයට සහ රටේ ජනතාවට පැහැදිලි පණිවිඩයක් ලබා දුන්නා. රාජකීය ව්ද්‍යාලයේ අහිංසක දෙමාපියන් ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරලා, තම ආදරණීය පුතුන් ගේ සුභ සිද්ධිය පතා ඉත සිතින් පූජා කල මුදල් මාටියා ගහපු යුගය හමාරයි. දැන් එළඹිලා තියෙන්නේ හොරුන් පස්සේ හඹා ගිහින් ඔවුන් නීතියේ රැහැනට අහු කරන හෝරාවයි. හොරුන් මොනුන් වුනත් අපිට කාරි නෑ. අනික ලොකු තරමට හොදයි. හාල්මැස්සෝ, සූඩයො මොකටැයි, තෝරු, මෝරු යහමින් ඉන්න දියඹක?

ඉතින් දයාබර දෙමව්පියෙනි;
දැන්වත් නැගිටින්න. නොබියව ඔබගේ විරෝධය දක්වන්න. ඔබ Facilities Fees ගෙවන මුදල් ඔබ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් SDS එකට ලබා දිය නොහැකිනම්, ඒ සෑම අවශ්‍යතා සදහා ඔබ නැවත නැවතත් මුදල් ගෙවිය යතු නම්, Facilities Fees ගෙවන්නේ කවර ඉලව්වකටද?

බලන් හිටියා හොදටෝම ඇති. එක්කෝ Facilities Fees වලින් සියළු අවශ්‍යතා සැපිරිය යුතුයි. නැතිනම් ඒ මුදල අතේ තියන් අවශ්‍යතා සදහා ඔබ වියදම් කල යුතුයි (දැන් කෙරෙන්නෙත් ඒකම නොවෑ).

SAY NO TO DOUBLE TAXATION!
Glory to Royal - Prison to Royal Thieves!

Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...