ගුනවර්ධන ශිෂ්‍ය නිවාස නිල නිවහනෙන්, ඉරිදා රාත්‍රී 10 පමන සිය පවුලම සමග පලාගොස් ඇති බව ඉමහත් සංවේගයෙන් දැනුම් දෙමු.
අතුල විජේවර්ධන විදුහල්පතිවරයාට ඔහුගේ සට්ටඹියා (නියම තේරුම මෙහි පල නොකලහැකි බව කිරුනිකව සලකන්න) තව දුරටත් රැක ගැනීමට නොහැකි වීම නේවාසික දරු පැටවුන් ගේ පිනක් පලදීම බැව් අප තරයේම විශ්වාශ කරමූ.
දයාබර සේතු:
එන්න කරළියට. අපි ඉමහත් පරිශ්‍රමයකින් වේදිකාව පිළිවෙලා කලා. රඟන්න සිත්සේ! පෙන්නන්න රටටම වැළිමඩින් ඇරඹූ ගමන කෙතරම් දුරක යාහැකිද කියා. මෙම අහංසක, අසරණ, දුගී පැටවුන්ට ඇත්ත පියෙකු වෙන්න. හැම දරුවෙක්ම අනාගත නායකයෙක් කරන්න. සුළු ජාතිකයින් මහ ජාතිකයින්ට කිසිසේත් නෙදෙවෙනි වග නිහඬව, ක්‍රියාවෙන්ම පෙන්වන්න.
ඔබට ජය! ඔබ හරි මග යනතුරා අප නිරන්තරයෙන් ඔබ සමගයි! 🫡💐

Comments
Post a Comment