මේක දැන් Blog එකට ලැබුනු උණුසුම් පුවතක්. ලැබුනේ 5 වසරේ අපිට ඉතා කිට්ටු මවක ගෙන්. ඇය කියපු විදියට මේ සටහන පුතාට දීලා තියෙන්නේ පංති භාර ගුරුතුමිය. මේ මොනවටද කියලා කොහෙවත් නෑ. මොකක් හරි සඟරාවක, souvenir එකක advertisement සඳහා බව පැහැදිලියි. හැබැයි පැහැදිලි නැත්තේ මොකකටද කියන එක විතරයි.
මේක පැහැදිලිවම මුදල් වංචාවක්. මගඩියක්. පොකට් ගැහිල්ලක්.
මේ හොරකම කරන්නේ පංති භාර ගුරුතුමිය තනියමද? නෑ! ශ්‍රේණි ප්‍රධානියා පැහැදිලිවම සම්බන්ධයි. එතකොට ප්‍රාථමික නියෝජ්‍ය විදුහල්පති තුමිය? එයා නොදැනගෙන ප්‍රයිමරියේ සල්ලි ගහන්ඩ ඇහැකි කාටද? එතකොට විදුහල්පති? එයාගේ අනු දැන්මක් නැතිව, අනුමැතියකින් තොරව ඉස්කෝලේ ඇතුලේ සල්ලි ගසා කන්ඩ පුළුවන් කාටද? අන්තිමට අපි ටික දෙනෙක් ඇරෙන්ඩ අනිත් හැමෝම ගේමට බැහැලයි ඉන්නේ.

Comments
Post a Comment