😅මම කොළඹ රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරයේ දරුවෙකුගේ තාත්ත කෙනෙක්. ඉවසාගෙන ඉඳලා බැරිම තැනයි මම මෙහෙම ලියන්න අදහස් කලේ. කොළඹ රාජකීය විද්‍යාලයතුල ඒකෙ නමට ගැළපෙන දේ වගේම නොගැලපෙන දේවලුත් හරිහරියට සිද්ධ වෙනවා දෙමාපියන් මේවගැන කොපමණ කලකිරීමෙන් හිටියත් ඒගැන වච්නයක් කතා කරන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ.ඇතුලෙදි කතා නොකළාට එලියෙදි බොහෝමසැරට මේව විවේචනය වෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නෙ දිගින් දිගටම රාජකීය නම ටිකටික හැඳිගෑවිලා යන එකයි.
මේ විද්‍යාලය සහ මේ නම ගොඩනගපු ඒ පුරෝගාමී මෙහෙවරක් කරපු මිනිසුන් සබෑ මහත්වරු. පව් ඒගොල්ලෝ කියල හිතෙනවා මේක විවිධ අන්ස පාලනය කරන්න විඩි විඩේ පත්වෙලා එන ලපයි සිපයි මේකෙ අභිමානවත් රාජකීය නමට මොකද මේ කරන්නෙ.
මේවිදු මව් ඇකයේ සුවසේ හැදුණු වැඩුණු පෝෂණය උණු අභිමානනීය වූ රාජකීයන් එළියේ නැද්ද මේකට කඩාගෙන වැදිලා මේක සුද්ද කරලා රාජකීය මාවත දිගේම ඉදිරියට ගෙනියන්න.මේක එන්න එන්නම කුණු කානුදිගේ ගිහින් බේරේවැවට වැටෙනකන්ද බලාගෙන ඉන්නෙ.
🙏 බලන්න ලමයෙකුගෙන් 11300ගානේ වාර්ෂිව එකතු කරන කාටි ගානක මුදලින් පාසැලේ හෝ ශිෂ්‍යයන් ගේ අභිවුර්දියට මොනවද වාර්ෂිකව කරන්නෙ ? මේ ගම්වල පාසැල්වල එකතුකරන සොච්චම් මුදලිනුත් පාසැල, පන්ති, පිළිසකර කිරීම් වලටක්රීඩා තරඟ,අධ්‍යාපන චාරිකා ආදී තවත් දේවල්වලදී දෙමාපියන් මත වැටෙන බරින් කොටසක් මේ පහසුකම් හා සේවා ගාස්තුවෙ දරනවා. නේවාසිකාගාරයක් තියනවා ඒක රාජකීය අනේ...වාසිකාගාරය වෙලා තියෙන්නෙ.
මේ දරුවන්ට විතරක් නෙමේ දෙමාපියන්ටත් දැන්න් වදකාගාරයක් වෙලා.. අවුරුදු දහයක් වෙනකල් ආදරය,කරුනාව,දයාව,ලෙංගතුකම එක්ක ලන්කාවේ දුර බැහැර, අහු මුලු, බේදයකින් තොරව බිහිවන අතිම අතී විශිෂ්ට දරුවෝ ඔය නේවාසිකාගාර නිල් තහඩු දොර ඒආදරය,කරුණාව දයාව,ළෙන්ගතුකම කියන මානුෂීය ගුණ පුලුස්සා දමන විභේද රේඛාව වේවි කියල අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. දරුවොත් හදපු අපිටත් ඔසවාගෙන යන්න බැරි තඩි ඇඳුම් බෑගෙකයි සිමෙන්ති කොට්ට භාගයක් තරම් පොත් බෑගයයි වතුරබෝතලෙයි ඇදගෙන,උස්සගෙන,තල්ලුකරගෙන වැටිවැටී අඬ අඬා ground එකදිගේ යනකොට එතනින් නික්මෙන දරුවාගෙ අම්ම හෝ තාත්ත .
එක්කො අම්ම නැති දරුවාගෙ තාත්ත, නැතිනම් තාත්ත නැති දරුවාගෙ අම්ම. ගෙදර යනකනුත් ගෙදර ගිහින් නැවත දවසක දරුවා දකිනකනුත් ගෙදර ඉන්නෙ හූල්ල හූල්ල. මේ අතර රාජකීය නම විතරක් ඇඟේ ගාගන්න අහින්සක දරුවා ගේට්ටුවෙන් ඇතුලට කෙසේහෝ ත්ල්ලු කරලා යන අයත් ඇති .
6.7.පන්තිවලනම් දරුවො 5 ක් ගත්තොත් 4 දෙනෙක්ම මට ඉස්කෝලෙමන් හොඳයි හොස්ටල් එකටනම් යන්න බෑ කියාගෙනයි ඔතනට එන්නෙ. රට වෙනුවෙන් ලන්කාවේ හතතරදික්බාගේම උපන් අතිමාති දක්ෂ දරුවන් අරගෙනරාජකීයය තුළ රටේ අනාගතය වෙනුවෙන් ඔවුන් ඔප්නැංවීමේ වැඩපිළිවෙළ හැමදාම යන්නේ මෙහෙමද? ?
මේ හැරුණුකොට මේ ගමේ අහින්සකයින් මේකෙ ගොඩනැගිලි උපකරණ ඇතුළු සියලූම දෑ නඩත්තු කලයුතුද..? මේක පුදුම මුදල් එකතු කිරිල්ලක්. මේවා සොයා බැලීමක් අධීක්ෂණයක්. හා නියාමනයක් නැද්ද..? ඒව කරන්න ඕන රාජකීයට ඇවිල්ල මේ ගමේ අපිද...?🙏🙏🙏🙏අණේ සොයා බලන්න.
මේ විද්‍යාලයේ පුරෝගාමී භවතුනි, ඔබ අපේ රටේ ජීවනාලියයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ එසේම වන්න ...please 🙏🙏🙏🙏

Comments
Post a Comment