බෞද්ධයකු නොවන කෙනෙකු SDS ලේකම් ධුරයට තරඟ වදින බව ආරංචිවීමත් සමග ඔහුගේ ජාතිකත්වය සහ ආගම ඉලක්කකොට ඔහුට එරෙහිව ජාතිවාදී ප්‍රහාර දියත් කොට ඇති බව මට Grade Head කෙනෙක් දන්වා සිටියා.
මම සිංහලයෙක්. බෞද්ධයෙක්. මම ගෞතම බුදුන් ගේ අනුගාමිකයෙකු මිසක් ගලගොඩඅත්තේ ඥානසාර බැතිමතෙක් නෙමෙයි.
මම අනුගමනය කරන ශාස්තෘවරයාට අනුව බෞද්ධයෙකුට ජාතියක් නැහැ. ඉන්නේ මුළු මහත් මානව සංහතියක් පමනයි.
අනික මම උගත් රාජකීය විදුහල කිසිම ආගමකට අයත් වූවක් නෙමෙයි. එදා එකම පිළිමයක්වත්, සුරුවමක්වත් පංති කාමරයක තියා, Principalගෙ office එකේ තියා, මුළු ඉස්කෝලේ පුරාවට තිබුනේ නෑ. මේක රාජකීය අනන්‍යතාවය. සුවිශේශත්වය. Tradition එක. හැබැයි අපි හැමෝටම අපේ අනන්‍යතාවයක් තිබුනා. Buddhists Brotherhood වෙසක් සමරද්දි Hindu Society එක තෛපොන්ගල් සැමරුවා. Christiansලා Carols ගායනා කලා. අපි හැමෝම හැමදේකටම සහභාගි වුනා.
මුළු රටම ජාතිවාදී ගිනිදැල්වලින් සැරින් සැරේ වෙළෙද්දි, හැම ජාතියකටම එකලෙස වහලක් වුනු රාජකීය විද්‍යාලය, මුළු රටටම බැබලෙන ආදර්ශයක් වුනා. ඉතින් මොන රාජකීයයාටද සුළු ජාතිකයෙකුට එරෙහි ව්ය හැක්කේ? කවරෙකු හෝ බමුනෙකු හෝ වසලයෙකු වන්නේ ක්‍රියාවෙන් මිස උත්පත්තියෙන් නොවන බැව් වදාළේ කවරහුද?
ගරහනවනම් ගරහන්ඩ ඕනෑ හොරකමටයි. පහර දෙනවනම් පහර දෙන්ඩ ඕනෑ දූෂනයට සහ වංචාවටයි. ශුද්ධ කරනවනම් ශුද්ධ කරන්ඩ ඕනෑ SDS එකයි.
Patriotism is the last refuge of a scoundrel," කියල Samuel Johnson 1775දි කීවේ අසංග පීරිස් සහ ගෝල බාලයෝ ගැන තමයි!
Comments
Post a Comment