ලෝක ළමා දිනයේ හොඳම විහිළුව! 😂
ළමා දිනය දවසේ අපේ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමා ළමයින්ගේ "අනාගතය ආලෝකමත් කරන්න" සුබ පතනවා දැක්කාම මට හිතුණේම නැතෑ මෙතුමා තරම් ළමයින් ගැන හිතන වෙන කවුද ඉන්නේ කියලා...!
හැබැයි ඉතින්, ඒ අනාගතේ ආලෝකමත් කරන්න එතුමා කරලා තියෙන මෙහෙවර දැක්කාම තමා ඇඬෙන්නම සතුටු හිතුණේ! 👇
1️⃣ SDS ගිණුම් වාර්තාවට අත්සන් කිරීම
විදුහල්පතිතුමාගේ පූර්ණ පාලනය යටතේ තියෙන SDS (පාසල් සංවර්ධන සමිතිය) ගිණුම්වලට එතුමා අත්සන් කරලා තියෙනවා. හැබැයි ලස්සනම වැඩේ කියන්නේ, ඒ ගොල්ලන්ගේම ඔඩිටර් ඒ ගිණුම්වලට Disclaimer එකක් දීලා!
ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත්, "මේ ලෙජර් පොත් ටික කුණු කූඩෙට දාන්න පුළුවන්, කිසිම පාරදෘශ්‍යභාවයක් නෑ, කිසිම නිවැරදි භාවයක් නෑ" කියන එකයි.
ඒ මදිවට SAGA 2025 එකේ රුපියල් 25,350,000ක (මිලියන 25කට වැඩි!) අමුතුම ජාතියේ මූල්‍ය වංචා සහ ගැටලු රැසක් ඔඩිට් එකෙන්ම එළියට දාලා තියෙනවා.
2️⃣ විශේෂ පත්වීම
අන්න ඒ SAGA එකේ සිද්ධියට නම ගෑවුණු කෙනෙක්වම, මෙතුමා SDS එකේ ලේකම් (Secretary) විදිහටත් පත් කරගෙනත් තියෙනවා!
අන්න එහෙමයි අපේ විදුහල්පතිතුමා අපේ ළමයින්ගේ අනාගතය ආලෝකමත් කරන්නේ!
මීට වඩා හොඳ විහිළුවක් අද දවසේ වෙන කොහෙන් අහන්නද? ළමයින්ට දෙන ආදර්ශය දැක්කාම ළමයින්ගේ විතරක් නෙවෙයි, මුළු රාජකීය විද්‍යාලයම අනාගතය පත්තුවෙලා තියෙන්නේ!
🤡 රාජකීය බම්මන්නා සහ නියෝජ්‍ය බම්මන්නා තමයි හොඳටම කොරලා තියෙන්නේ




Comments
Post a Comment