හිතවත් දෙමාපියනි:
Selection Test එක කොච්චර ප්‍රෝඩාවක් ද ඔප්පු කරන්න මීට වඩා සාක්කි තවත් ඕනැද?
මේක ප්‍රසිද්ධ racket එකක්. කොළඹ සුපිරි පාසැල් කිහිපයක් ගුරුවරු නැතැයි කියාගෙන, Bilingual Medium වලට වැටකඩුළු දාගෙන ඉන්නවා (හැබැයි හිතවතුන්ගේ දරුවන් පිටිපස්සෙ දොරටුවෙන් ඇතුලට ගන්නවා). කඩුල්ල තමයි Selection Test එක.
past papers නැති Test කරන්නේ කුමක්දැයි පැසැලෙන් ලමයින්ට කියන්නේ නැති placement test වලට Tution ගුරුවරු කොහොමද දන්නේ උගන්නන්න ඕනෑ දේ
(හැබැයි එගොල්ලන් නම් හරියටම දන්නවා එන ප්‍රශ්න ටික)
පාස් වෙන්න නම් Tuition පිහිට තමයි. මෙතෙන්දි දෙන්නෙ විභාග ප්‍රශ්න පත්තර. ගියපු එවුන් උඩින්ම පාස්. ශිෂ්‍යත්ව පැටවුන්ට කතරගම දෙවියන්ගෙම පිහිටයි.
මේක තමයි අද දවසේ නිදහස් අධ්‍යාපනය.
විදුහල්පති වගේ වගක් නැතිව ඉන්න එක පැත්තක තියමුකෝ. අමාත්‍යාංශයේ Bilingual Director? එතකොට ලේකම්? හැමට එක හැන්දෙන් බෙදනවයි පුරසාරම් දොඩන ඇමතිනිය?
“කොළඹට කිරි - ගමට කැකිරි” කිව්වෙ ‘89 ජෙප්පො.
අපට නමෝ විත්තියෙන් කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි.
“වැටත් නියරත් ගොයම් කා නම් - කාට පවසමි ඒ අමාරුව”


Comments
Post a Comment