වසර කිහිපයක සිට රාජකීය විද්‍යාලයේ දෙමාපියකු වශයෙන් ඔබ කටයුතු කරන්නේ නම් මෑතක සිටි මුදල් එකතු කිරීම් සහ අවභාවිතා වීම්වල අඩුවක් ඔබ දුටුවේද?
ඒ දවස්වල පුද්ගලික ගිණුම් වලට දැමූ මුදල් වලින් බොහෝමයක් දැන් පාසල් සංවර්ධන සමිතියේ ගිණුම හරහා යෑමක් ඔබ දුටුවේද
මේ හදිසි වෙනසට බලපෑ රහස ගැනයි අද සටහන
මෙය පාලනාධිකාරියේ කැපවීම හා මග පෙන්වීම මත පමණක් සිදුවූ දෙයක්ද
පසුගිය වසර වල සිදු වූ බොහෝ මුදල් අක්‍රමිකතා සහ මුදල් ඉපයීම් පිළිබඳව අප කළ හෙළිදරව් නිසා බොහෝ අයථා මුදල් උපයන්නන් දැන් අතරමන් වී ඇත
“මගේ ලොකු පුතාගේ costume එක පොඩි පුතාට අදින්න දෙන්න බෑ කීවා. අළුතින්ම මහන්ඩ සල්ලි ගත්තා. ඒක අපි පරිස්සමින් තියා ගත්තේ පොඩි පුතාට පාවිච්චි කරන්ඩයි. කොහෙද, මේ කට්ටිය සල්ලි ගසා කෑවේ පිස්සුවෙන් වගේ. පුදුමයක්ද? ඒක බලන් ගියාම ගෘහ කර්මාන්තයක්. පවුලම ජීවත් වෙලා තියෙන්නෙ band costume එකෙන්. හැබැයි දැන් බල කරනවා තියෙන කෙනෙකුගෙන් ඉල්ලං එන්ඩ කියලා. සැබෑ වෙනසක්. හැදෙන්ඩ නම් අල්ලස් කොමිසමටම දක්කන්ඩ ඕනෑ” - Band එකේ දෙමාපියෙක්
මේක එක දෙයක් පමණයි
දැන් ඉස්සර වගේ මුදල් එකතු කිරීම් නෑ
තිබුනත් අඩුම මුදලක් පමණයි
ඒකත් බොහෝ ඒවා SDS එක හරහා වෙන්නේ
SDS එක කියන්නේත් පිරිසිදු තැනක් නෙමෙයි
හැබැයි SDS එක හරහා ගනුදෙනු කරන ඒවා අඩුම තරමේ ගිණුම් ගත වෙනවා
තොරතුරු දැන ගැනීමේ පනතෙන් වුනත් අපට අවශ්‍ය විස්තර ලබාගන්න පුළුවන්
රාජකීය විද්‍යාලය 100% සුද්ද කරන තෙක් අපගේ සටන අත් හරින්නේ නම් නෑ
දවසින් දවස අපට සහයට එක්වන දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ටත් අපගේ ප්‍රණාමය
පද්මසේන දිසානායක
0777750849

Comments
Post a Comment