SAGA යනු දරුවන්ගේ හැකියාවන් මෙන්ම දක්ෂතාවයන්ද ඔප්නංවන්නට ඇති අනගි අවස්ථාවක් බවට සැකයක් නොමැත
නමුත් මෙහි අඳුරු පැත්ත නම් මෙයට මුවාවෙන් සිදුවන මහා රාජකීය මංකොල්ලයයි
අධ්‍යාපන අමාත්‍යංශයේ නීති රෙගුලාසි අනුව පාසල් තුළින් එකතු කරන සෑම මුදලක්ම පාසල් සංවර්ධන සමිතිය හරහා සිදුවිය යුතු අතර, අපගේ විදුහල්පති තුමාගේ මග පෙන්වීම යටතේ මෙතෙක් කල් මාස ගණන් පරක්කු කර ලබා දුන් රිසිට්පත් ක්‍රමය අහෝසි කර, මුදල් එකතු කිරීමේදී එදිනම රිසිට්පත් ලබාදීමේ ක්‍රමවේදය අප ඉතා අගය කොට සලකමු
දෙමව්පියන් කිහිප දෙනෙකුගෙන්ම තහවුරු වූ පරිදි SAGA ප්‍රසංගයේ ඇඳුම් සඳහා තවමත් නිශ්චිත මුදලක් ප්‍රකාෂ කිරීමට සංවිධායකයන් අපොහොසත්ව ඇති අතර ඒ සඳහා සඳහා රුපියල් දෙදාහක අත්තිකාරමක් 24 වන දිනට පෙර ලබා දෙන මෙන් මේ දවස්වල බලපෑම් කරගෙන යෑම දක්නට ලැබේ. ඇඳුම් සඳහා වියදම් වන මුළු මුදල පසුව දැනුම් දෙන බව පවසා ඇත.
පාසලක් තුළ ලබන මස පැවැත්වීමට නියමිත ළමුන් 600කට අධික සංඛ්‍යාවක් සහභාගී වන උත්සවයකට ඇඳුම් නිර්මාණය කිරීමේදී තවමත් එහි අවසාන මුදල තීරණය කර නොමැති වීමෙන් පැහැදිලි වන්නේ මේ සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොකර තම හිතවතුන්ගේ ඕනෑ එපාකම් වලට අනුව මුදල් එකතු කිරීමේ ජාවාරමක් නොවේද ?
අපට දැනගන්නට ලැබූ ආරංචි අනුව එක් දරුවකුගෙන් ඇඳුම් සඳහා පමණක් රුපියල් දහ දාහකට අධික මුදලක් ලබා ගැනීමේ චේතනාවක් ඇති බව පැහැදිලිය
එසේම රංගන පුහුණුකරුවන් වෙනුවෙන් එක් ළමයෙකුගෙන් රුපියල් 5000කට අධික මුදලක් ලබා දෙන මෙන් තවත් පැත්තකින් නිවේදන නිකුත් කරගෙන යෑම ද දක්නට ලැබේ
එපමණක් නොව රුපියල් තුන්දාහක් ගෙවා පුහුණුවීම් සඳහා ටී ෂර්ට් එකක් ලබා ගැනීමට බලකිරීම් ද අපට දැනගන්නට ලැබී ඇත
මෙහි විශේෂිතම කරුණ වන්නේ රාජකීය විදුහල්පතිට දැන ගැනීමට නොහැකි වන ලෙස මෙම මුදල් එකතු කරන මෙන්ම එම සංවිධායකයන් විසින් දෙමාපියන්ට කියා සිටින්නේ ඇයි ? WhatsApp group වල මෙම පණිවිඩ නොයවන ලෙසත් පංති මට්ටමින් නියොජිතයන් පත් කර මෙම මුදල් පෞද්ගලිකව එකතු කරන ලෙසත් දැනුම් දී ඇත
රුපියල් කෝටියකට අධික මුදලක් මෙලෙස නිසි රිසිට් පත් ලබා නොදී නිසි ගිණුම් ගත කිරීමකින් තොරව සිදු කිරීම ගැන ඔබට සිතෙන්නේ මොනවාද
රාජකීය විද්‍යාලයේ කුප්‍රකට ක්‍රමවේදය වන අවසාන මොහොතේ කලබල කර මුදල් එකතු කිරීම මෙවරත් දක්නට ලැබීම විමතියක් නොවේ. උත්සවය කට ළඟට එනකන්ම නිසි ක්‍රමවේදයක් නොකර අවසාන මොහොතේ කඩිමුඩියෙන් මුදල් එකතු කිරීම අකටයුතු කම් සිදුවීමට එදා සිට දක්නට ලැබුනු දෙයකි.
මේ අවස්ථාවේදීත් ප්‍රසංගයට තව ඇත්තේ දින කිහිපයක් පමණක් නිසා මෙවර අපි මෙහෙම කරමු ලබන අවුරුද්දේ අපි හරියට කරමු කියා කීම අද ඊයේ සිට සිදුවූ දෙයක් නම් නොවෙයි
රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මැතිතුමනි එමෙන්ම මේ දිනවල විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රාජකීය විද්‍යාලයේ අකටයුතුකම් විමර්ශනය කරන නිලධාරි තුමන් වෙතත් මෙම නීති විරෝධී මුදල් එකතු කිරීම ගැන නිසි පියවර ගැනීමට අවධානය යොමු විය යුතු බව අවධාරණය කරමු.

Comments
Post a Comment