රුපියල් කෝටියකට අධික මුදලක් කිසිම රිසිට් පතක් නොමැතිව එකතු කිරීමට සංවිධායකයන් කියන නිදහසට කරුණු ටිකත් අපිම කියන්නම්
මේක දෙමව්පියන්ගේ කැමැත්තෙන් පුද්ගලිකව කරන දෙයක් අපි මේවට ගෑවෙන්නේ නැහැ
පුද්ගලිකව කරන දෙයක් නම් කරන විදිය මෙන්න පහළින් කියන්නම්
ඇඳුම මැසීමට අවශ්‍ය design එක වගේම specification ටික මැටීරියල්ස් වගේ දේවල් පැහැදිලිව කියල තමුන්ට කැමති තැනකින් අරගන්න කියලා කියන්න පුළුවන්
කැමති නම් ගෙදරම මහගන්ඩත් පුළුවන් එහෙම නැත්නම් මෙන්න මේ ස්ථානයේ තියෙනවා එතනින් ගන්නත් පුළුවන් එහෙමත් නැත්නම් වෙන ඕනම තැනකින් කරගන්නත් පුළුවන්
එතකොට කැමතිනම් දෙමව්පියන් කිහිපයක් එකතු වෙලා මුදල් යොදලා එක තැනකින් ගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ
හැබැයි මෙතන වෙන්නේ එහෙම දෙයක්ද?
ඇඳුම ගන්න තියෙන තැන තීරණය කරලා ඉවරයි සංවිධායකයන් විසින්
එහි මිල තීරණය කරලත් ඉවරයි
තමුන්ට ගෙදර දීම ඒ ඇඳුම මහන්න පුළුවන් වුනත් එහෙම කරන්න අවස්ථාවක් නැහැ
තමුන්ගේ දන්න තැනකින් අඩුවට ගන්න පුළුවන් වුනත් එහෙම කරන්ඩ බෑ මෙතනදි සංවිධායකයින් කියන තැනකින් ඔක්කොමලා ඒ කියන මිලටම ගත යුතුයි
මෙන්න මේ වගේ වැඩ කරන්න නෙවෙයිද පාසල් සංවර්ධන සමිතියක් කියලා දෙයක් හදලා තියෙන්නේ
මේක පාසලේ උත්සවයක්, මෙම මුදල් එකතු කරන්නේ පාසලේ ළමුන්ගෙන්, ඒ විතරක් නෙවෙයි මෙම මුදල් එකතු කරනේ පාසල ඇතුලේ දීමයි
එසේ නම් මෙය පුද්ගලික ගනුදෙනුවක් වන්නේ කෙසේද
පසුගිය දිනක මානව හිමිකම් කොමිසමේ වෙනත් මෙවැනි අක්රමකාතාවයක් සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීමේදී රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු කියා සිටියේ මේවා දෙමව්පියන්ගේ කැමැත්තෙන්ම කරන දෙවල් බවත් අවශ්‍ය නම් ඒ බව දෙමව්පියන්ගේ ලිපි වලින් ලබාදිය හැකි බවත්ය (බලෙන් ලබාගන්නා ලියුම් වලට අත්සන් නොකරන දෙමව්පියන්ගේ දරුවන්ගේ ඉරණමට මොනවා වෙයිද)
එම නියෝජ්‍ය විදුහල්පති වරයාගෙන් අප අසන්නේ ඔහුට මෙමගින් ලැබෙන ගතමනාව කීයද යන්නයි
ජනතා බදු මුදලින් පඩියක් අරගෙන නීති ක්‍රියාත්මක කිරීමට කොළවල ලියා ඇස් කන් වසා සිටීම නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගේ රාජකාරියද ?
මෙවැනි විශාල ප්‍රමාණයකින් ඇඳුම් මහන කොට මෙවැනි විශාල ප්‍රමාණයකින් වැඩ කරගන්න කොට ලොකු ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන් හැබැයි මෙතනදි ඒ එන ඩිස්කවුන්ට් එක කවදාවත් දෙමව්පියන්ට ලැබෙන්නේ නැහැ නේද?
අර කියපු තැනින් වැඩේ කරගත්තම පස්සේ අදාළ කොමිස් මුදල වෙනමම සමහරුන්ට පුද්ගලිකවම අර සේවා සපයන්නා විසින් ලබා දෙන එකත් රහසක්ද?
Comments
Post a Comment