මේ දවස් අපිට හරියට කාර්ය බහුලයි. Staff එක හුගක් වෙලාවට රෑ දොලහටත් වැඩ. හේතුව SAGA මංකොල්ලයට තිත තැබිය යුතු නිසා.
සියළු SAGA දෙමාපියන් ගේ හදිසි සහ පූර්ණ අවධානය පිනිසයි.
මෙහි පහත දැක්වෙන දැන්වීම් දෙක දිහෑ හොදට බලන්න. පළවෙනි එක එයල තිබුනේ අපිටයි. ලැබුනෙ උදේ දහයට පමන.
දැන් දෙවෙනි එක බලන්න. එකම subject එක - එකම event එක. දෙමාපියන්ට යවපු එක
මෙන්න මේවා තමයි අපට තියෙන ප්‍රශ්න.
ඇයි මෙහෙම බොරු කියන්නේ? ඇයි මෙහෙම වංගු දාන්නේ? මේ නෝනලා දෙන්නට විළි ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද?
අනික අතේ මාට්ටු. විලි බිය නැතුවට හපන් මෝඩ කම!
අපිට මේ දෙබාන ගෙන් අහන්ඩ තියෙන්නේ මෙච්චරයි:
Costume වල නියම ගාන කීයද?
මහජන මුදල් මෙහෙම අාවට ගියාට එකතු කරන්ඩ ඔහෙලට බලය දුන්නේ අම්මයි අප්පොච්චද?
Receipt දෙන්නේ ගෙදර address එකෙන්ද?
ඔය එකකු කරන සල්ලි දාන්නේ මොන බැංකුවෙද? නැත්නම් ගෙදර අල්මාරියෙද?
Audit කරා ගන්නේ අල්ලපු ගෙදර අමාරිස් අය්යට කියලද?
හිතවත් දෙමාපියෙනි: මේ අමු අමුවේ, මහ දවාලේ ගසා කන්නේ ඔබ දාඩිය මහන්සියෙන් හම්බු කරාපු තුට්ටු දෙකයි.
සාදු සාදු කියල පූජා කරල කටයි අනිත් කටයි දෙකම වහං ඉන්නවාද නැතිනම් SDS receipt එකක් දෙනකම් ශතයක්වත් නොදී ඉන්නවාද?
ළමයින් ගේ අධ්‍යාපනය වෙනුවෙන්, පාසැලේ දියුණුව වෙනුවෙන් දහස් ගනන් වලින් නෙමෙයි, ලක්ෂ ගනනින් පරිත්‍යාග කරමු. හැබැයි මග රැකන් ඉන්න පල් හොරුන්ට ශතයක් වත් නොදෙමු!
අවසානයේ මේ නෝනල දෙන්නට අනුකම්පා පෙරදැරිව අවවාදයක්: තවත් පව් නොදී ගෙදර යන්ඩ. මේ කුණු කෙන්ත්‍රාත් දීපු එවුන්ටම (තමුන් ඇද යට හැංගිලා ගෑණු එළියට නොදා) සල්ලිත් එකතු කරන්ඩ කියන්ඩ.
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
පලි: තව ඩිංගිත්තෙන් මේකත් අමතක වෙනවා. අපිට මේ පාර අමාත්‍යංශය එවල තියෙන්නේ මොකුත් නොදන්න අද-ගොළු-බිහිරි විදුහල්පති කෙනෙක්. අනේ වාසනාවන්! එයාට හය හතර උගන්නන්ඩ වෙලා තියෙන්නෙත් අපිටයි. කව්රු හරි මේක එයාට යවන්ඩ. පව්නේ!
එයා මේවා දන්නවනන් ගිණි විචුම්බරයයි. හොරු රැළ කනෙන් ඇදලා සක්වල ගලේ ගහයි.
අනේ කාලේ වනේ වාසේ කීවලු.
මම නම් කියන්නේ වැටත් නියරත් ගොයම කානම් කාට පවසමි ඒ අමාරුව!


Comments
Post a Comment