Skip to main content

විදුහල්පති විජේවර්ධන මහතාට දැඩි ඉවසීමෙන්

 

හොස්ටල් එකේ ගමෙන් ආපු අහිංසකයින්ට ඔබතුමා ගේ පාලකයා සලකන සහ නොසලකන හැටි මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා දැනුවත් වෙලා ඇතැයි මම විශ්වාස කරනවා.

මාසෙක නේවාසික ගාස්තු රු 7,500 ගෙවාගන්ඩ බැරිව ලැතවෙන අහිංසකයින් ගෙන් නේවාසිකාගාර පාලකයා රු 13,000 මුදලක් ගොඩනැගිලි පවිත්‍ර කිරීම සඳහා අය කිරීම මම දකින්නේ පාහර, බලු, ජඩ වැඩක් හැටියටයි.


හිතක් පපුවක් ඇති කිසිම කෙනෙකුට කරන්ඩ පුළුවන් වැඩක්ද මේක?


ඔබතුමා කොළඹ හතේ ඉපදුන හැදුන වැඩුන කෙනෙක් නෙමෙයි. ඈත ගමක ඉපදිලා, සෑහෙන කට්ටක් කාලා මෙතෙන්ට ආපු කෙනෙක්. ඇයි තමුන්ගෙම පංතියෙ අයට මේ වාගේ දුර්දාන්ත අන්දමට සලකන්නේ?


මම මේ දුක හොඳට දැකලා තියෙනවා. මම ගිය සමහර ගෙවල් කඳු උඩ. කාරෙකෙන් බැහැලා පැය භාගයක් කන්ද නගින්න ඕනෑ. ඒ ගෙවල් දැකපුවාමයි වැටහෙන්නේ මේ අහිංසකයෝ මොන දුෂ්කර ක්‍රියාවන් කරලද රාජකීය විද්‍යාලෙට ඇවිත් ඉන්නේ කියලා. තවත් ගෙදරකට හැන්දෑවේ පහෙන් පස්සේ යන්ඩ බෑ. පාරේ වල් අලි. මේ මිනිස්සු තවත් බිත්තියට තියලා හිර කරන්ඩ නෙමේ තියෙන්නේ - යන එන හැම වතාවකම ගමන් වියදම් දෙන එක!


මම මුල ඉඳල දැක්ක එක තමයි ඔබතුමා රාජකීය විද්‍යාලෙ ගැන මොන ඉට්ගෙඩියක්වත් දන්නේ නෑ කියන එක. ප්‍රයිමරි එකේ සමහර Teachersලා ලක්ෂ ගනන් handbag වල, බැංකු account වල දාගන්න එක අපිටයි ඔබතුමාට කියල දෙන්ඩ වුනේ. SDS එකේ මිලියන් ගනන් හොරා කාපු එක අපිටයි පෙන්නන්ඩ වුනේ. ආදි ශිෂ්‍ය සංගමයේ වාර්තාගත හොරකම අපිටයි කියල දෙන්ඩ වුනේ. ඒ විදියටම දැන් Hostel එක ගැනත් කියල දෙන්නම්.


මට ලැබුනු වාර්තාවලට අනුව මේ මොහොතේ Hostel Account එකේ excess cash ලක්ෂ 40 ආසන්න මුදලක් තියෙනවා. එතැනින් ලක්ෂ 12 ගෙවන්ඩ තියෙනවා තමයි - ගත්ත බඩු වලට. හැබැයි ලක්ෂ 17 මුදලක් ලැබෙන්ඩත් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 45 ඉතිරියක් මේ මෙහොතේත් අතේ තියෙනවා. එහෙනම් දෙයියනේ අහවල් මගුලකටද මේ අහිංසකයෝ පාගන්නේ, තලන්නේ, පෙලන්නේ?

මේවා බලු වැඩ කීවොත් බල්ලන්ටත් අගෞරවයක්. මේ නින්දිත වැඩේ අදම නවත්වන්න. ගත්ත සල්ලි ඔබතුමා ගේ අළුගෝසුවා අතින්ම ආපහු දීලා දාන්ඩ.


හරියට පාලකයෙක් හොයා ගන්ඩ බැරිනම් රාජකීය විද්‍යාලයේ නාමයෙන් Hostel එක වහල දාන්ඩ. ඒක නම්බුයි!

Comments

  1. පුතා මේවා ලියද්දී වැඩිහිටියෙකුගෙන් උපදෙස් ගන්න. නැතිනම් බැලුබැල්මට පේනවා මේ වසරේ එම අසාධාරණ මුදල දැනටමත් ගෙවූ කාර් එකක් තියෙන, අලි ගහණ දුශ්කර ප්‍රදේශයක ඉන්නා දරුවෙකුත් සමග ඉතා කීප දෙනෙක් සම්බන්ධ වෙලා කරන හෙලිදරව්වක් කියලා.

    ReplyDelete

Post a Comment

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...