රාජකීය විද්‍යාලයේ හැමදාම වෙනවා වගේ ජෝන් ටාබට් තරගාවලියට 12න් පහළ කණ්ඩායම තේරීම ගැන ලොකු කසු කුසුවක් මේ දිනවල යනවා
ඇත්තටම මෙහි සිටින්නේ සුදුස්සාට සුදුසු තැනක් ලැබුණ අවස්ථාවක්ද
හැමදාම කරනවා වගේ සුදුස්සන් කිහිප දෙනෙකු සමඟ මිල මුදල් යහතින් ඇති යටින් සමහරුන්ට උදවු පදවු කරන ලමුන් කිහිප දෙනෙකුද රින්ගවා ඇති බව පෙනේ
තරඟාවලියේදී සුදුස්සන් වැඩ පෙන්වූ විට ඔවුන්ගේ පහනින් එලිය බලා නම දාගන්නා එම පැටවුන් කිහිපයකගේද නම්ද මෙහි ඇතුලත්ය
පසුගිය පාසැල් ක්‍රීඩා උත්සවයකදී පාසැලේ ක්‍රීඩා ගුරුවරයා ළඟ පෞද්ගලික පුහුනුවීම් ගිය, තේරීම් වලදී එම ගුරුවරයා ප්‍රථම ස්ථානය ලැබු දරුවාගේ නම කපා එම දරුවාගේ නම දමා එවක හිටපු විදුහල්පතිවරයා විසින් එම ගුරුවරයා ප්‍රාථමික අංශයේ කීඩා වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කල සිදුවීමට අදාල දරුවාගේ නමද මෙහි දක්නට ලැබීම, රාජකීය තේරීම් ගැන දන්න අයටනම් පුදුමයක් නොවේ
වත්මන් විදුහල්පති තුමාටවත් මේවාට විසඳුම් දීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු

Comments
Post a Comment