Bi-lingual Selection Test එක පිළිබදවයි.
අපි මේ වන විට මේ ගැන ඇති පදම් කතා කරල තියෙනවා. තනියම නෙමෙයි දෙමාපියන් දහස් ගනනක් ඉදිරිපිට.
ඉල්ලුම් කරන හැම දරුවෙකුටම දෙන්ඩ හැකියාව තියෙද්දි ඔබතුමා දත කාගෙන Selection Test එක මත්තෙම නැහෙන්ඩ හදන්නෙ අහවල් කරුමෙකටද කියලා මට නම් තේරෙන්නෙ නැහැ.
ඔබතුමා දවසකට කී වතාවක් කණ්ණාඩිය ඉස්සරහ හිට ගන්නවාද? ඒ එක වතාවකවත් පෙනෙන්නෙ නැද්ද නාකුළුගමුව ගාමිණී මවි අධ්‍යාපනය ඇරඹුව පුංචි දරු පැටියව? නාකුළුගමුවෙ සිට රාජකීය විදුහල්පති දක්වා පැමිණි ගමනේ බාධා, හිරිහැර, දුක් කම්කටොලු සහ අනේක විධි හිත්තැවිලි ගැන ඉදහිටවත් මතකෙට එන්නෙ නැද්ද? එතකොට වත් හිතෙන්නෙ නැද්ද මගේ භාරයට පත්වෙලා ඉන්න සෑම දරුවෙකුටම මම එකසේ සලකනවා පමණක් නෙමෙයි සෑම දොරටුවක්ම විවර කරනවා කියලා.
පොඩ්ඩක් හිතන්ඩ බුදු සර්! ඔබට මට තියෙන්නෙ තව බොහොම සුළු කාලයයි. මේ ටික කාලෙදිවත් අවසාන මොහොතෙ හිත පහදවා ගත හැකි පිනක් කර ගමු.

Comments
Post a Comment