අද දින රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී සිදුවූ අපූරු සිදුවීමක් ගැනයි අද සටහන. ප්‍රාථමික අංශයේ සියලූම පංති වල කමිටු සාමාජිකයන් සඳහා නවරඟහලේ දී පැවැත්වූ රැස්වීමට මූලික වුණේ ළඟදීම පැවැත්වීමට නියමිත SAGA වැඩසටහනයි
මෙහිදී අදහස් දැක්වූ විදුහල්පතිතුමා මෙම වැඩසටහනේ අරමුණු මෙන්ම ළමුන්ට මෙයින් ලැබෙන ප්රතිලාභ ගැන විස්තරකොට මෙම අපූරු දත්ත ගැන පැහැදිලි කළා
පාසල් සංවර්ධන සමිතියේ වියදම් සඳහා රුපියල් මිලියන දෙසීයක් වසරකට අවශ්‍ය බවත් මසකට රුපියල් මිලියන පහළොවක වියදම් දැරීමට සිදුවන බවත් ඔහු පැවසූවා
මසකට රුපියල් මිලියන පහළොවක් නම් වසරකට රුපියල් මිලියන 180ක් බව ප්‍රාථමික අංශයේ දරුවන්ටද කිව හැකිව තිබියදී විදුහල්පතිතුමා රුපියල් මිලියන විස්සක් වැඩිපුරා දමා පැවසුවේ කලින් වසර වලදී රුපියල් මිලියන තුනකට අධික ප්‍රමාණයක් පාසල් සංවර්ධනය සමිතියේ මුදල් වාෂ්ප වූවාසේ රුපියල් මිලියන විස්සද වාෂ්ප වීමට ඉඩ ඇති බව දන්නා නිසාද (පාසැල් සංවර්ධන සමිතියේ රුපියල් ලක්ෂ තිහකට අධික මුදලක් වාෂ්ප වීම සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට මෙතනින් පිවිසෙන්න)
එසේම සිසුන්ගෙන් එකතු කරන පාසල් ගාස්තු වලින් රුපියල් මිලියන 80ක් පමණක් ලැබෙන බැවින් රුපියල් මිලියන 120ක හිඟයක් පවතින බවත් එය පියවා ගැනීමට SAGA වැනි වැඩසටහන් රුකුලක් වන බව ඔහු කියා සිටියා
ගියවර පැවැත්වූ SAGA වැඩසටහනෙන් රුපියල් මිලියන 15 ක ලාභයක් පාසලට ලැබුනු බවත් මෙහිදී පැහැදිලි කරන ලදී
රුපියල් මිලියන 120ක අයවැය පරතරයක් ඇති විට විශාලතම මුදල් රැස්කරන SAGA වලින් රුපියල් මිලියන පහළොවක් පමණක් ලබා ගන්නේ නම් ඉතිරි රුපියල් මිලියන 105 ට වෙන්නේ කුමක්ද? එය පියවීමට පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීන්ට හැකියාව හෝ දැනුමක් නොමැතිද නැත්නම් හිඟන්නාගේ තුවාලය මෙන්ම ඔය අයවැය පරතරය පෙන්වා මුදල් ගසා කෑමට තවත් මාන බලන්නේද
මෙහිදී ප්‍රකාෂ කළ පරිදි පාසල් සංවර්ධන සමිතියේ 2024 ගිණුම් ප්‍රකාශය තවමත් අන්තර්ජාලයට මුදා නොහරින්නේ 2023 දී මෙන් 2024 ලේඛනයෙත් අවුල් ඇති නිසාද?

Comments
Post a Comment