“A Principal of RC must come from a good family background”
-critical Old Boy
නියම, සුපිරි, සුපිළිපන් රාජකීයයෙකු යනු කවරහුද?
ඔහු අවම වශයෙන් සිව්වන පරම්පරාවටවත් අයත් විය යුතුය.
හේ කිසි විටෙකවත් වංචා හොර මැරකම් හෝ දූෂණ වලට සම්බන්ධ නොවේ.
එහෙත්!
තමා ගේ රැහේ වුන් මහ දවල් එළිපිට පොකට් ගසද්දී මුවින් වචනයක් හෝ නොදොඩයි (අපේ එකෙක් නොවෑ! අනික උඩ බලං කෙළ ගසන හරකා මොකාද? ලෝකයා දැන ගත්තාම මොන නවනිංගිරාවක්ද?).
තමා ගේ දරුවා ගේ කන් අඩිය පැලෙන්නට Coach ගැසූ විටවත් කට නොඅරී (පොලීසි ගියා නම් Captaincy එකට කෙළවෙනවා නොවැ!).
හෙතෙම ඉහළ සමාජය පිළිගත් උසස් වෘතිකයෙකි.
එහෙත්?
උපතින්ම නිවටයෙකි.
මෙබදු ආදි සිසුන් ඔබ දැක තිබේද?
එසේ නමි කනෙන් අපට පෙන්වන්න.
මෙහෙම අය තමයි Principal ලාගේ පැටිකිරිය ප්රශ්න කරන්නේ.
ලීයේ ඇදය හරිතත් හුයලා අඟුරු
වෑයේ ඇදය බැලුවම ඊටත් ගැඹුරු
Comments
Post a Comment