Skip to main content

රු 10,000 බැගින් ලබාගෙන ලබාදුන් ශිෂ්‍ය නායක පදක්කම බින්දුවටම බැස්සවූ රහස

2024 වසරේදී එක් සිසුවකගෙන් රුපියල් 10,000ක මුදලක් අයකර ශිෂ්‍ය නායක ලාංඡන පැළඳවීමේ උත්සවය පවත්වා ඊට වසරකට පසු මෙවර 2025 දී ශිෂ්‍ය නායකයන් පත් කිරීමේදී කිසිම මුදලක් අය නොකරම එම උත්සවය පැවැත්වීමේ රහස කුමක්දැයි ඔබ දන්නවාද


රාජකීය විද්‍යාලය යනු කෝටිපතියන්ගේ සිට සොච්චම් පඩියට වැඩ කරන දෙමව්පියන් මෙන්ම හරි හමන් රස්සාවක්වත් නොමැති අයගේ දරුවන්ද සිටින පාසලකි


මිල මුදල් යහමින් ඇති එකිනෙකාට පන්දම් අල්ලා, දක්ෂයන් හා සුදුස්සන් සිටියදී තමුන්ගේ දරුවන්ව හැමදේකින්ම ඉදිරියටම ගෙනයන චෞර දෙමාපියන් කිහිප දෙනෙකු විසින් නොයෙකුත් දේ පවසමින් මෙතෙක් කල් කෝටි ගණන් එකතු කළ මුදල් වල ලොකු වෙනසක් මේ ළඟකදී සිට සිදුවූ බව බොහෝ දෙනකුට දක්නට ලැබුණි


මෙම වෙනසට බලපෑ හේතු වලින් එක් ප්‍රධාන හේතුවක් පහතින් දක්වා ඇත


සුදුස්සාට සුදුසු තැන ලැබෙන, මුදල් හා අනෙකුත් ලාභ ප්‍රයෝජනවලට යථාර්ථය පවා නොදෙන නියම රාජකීය විද්‍යාලයක් වෙනුවෙන් අපගේ උපරිමය කරන බවට මෙයින් සහතික වෙමු -------------------------------------------------------------------------------------------------------------------- අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අප යොමුකළ පැමිණිල්ල



පද්මසේන දිසානායක,

ආදි ශිෂ්‍ය- කොළඹ රාජකීය විද්‍යාලය,

අංක 57/14, රජමහ විහාර මාවත,

‍පිටකෝට්ටේ.

 2024/12/10

 

අධ්‍යක්ෂතුමා,

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,

අංක 36,මලලසේකර මාවත,

කොළඹ 07,

ගරු අධ්‍යක්ෂතුමනි,

කොළඹ රාජකීය විද්‍ය‍ාලය තුළ අනීතිකව සිදුකරනු ලබන මුදල් එකතුකිරීම් හා වංචා දූෂණ සම්බන්ධව වන පැමිණිල්ල

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2015 අංක 5 දරණ චක්‍රලේඛනය යටතේ පාසල් සිසුන්ගෙන් හෝ දෙමාපියන්ගෙන් මුදල් අයකිරීම  සපුරා තහනම් කර ඇති පසුබිමක මෙකී නියෝග  ඔබ හොඳින් දන්නා පරිදි රජයේ පාසල් තුළ මුදල් එකතුකිරීම , තෑගි දීම හෝ වෙනත් තුටු පඬුරු ලබාදීම මෙරට නීතිය අනුව වරදක් වන නමුත් තවමත් කොළඹ රාජකීය විද්‍යාලය තුළ එකී නීති පසක තබා විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු , අංශ ප්‍රධානීන් ඇතුළු සෙසු ගුරු මණ්ඩලයේ ද අනුදැනුම සහිතව සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන්  අසාධාරණ ලෙස මුදල් එකතු කිරීම සිදුවන බව ඔබ තුමාගේ අවධානයට යොමුකිරීමට කැමැත්තෙමි.

 කොළඹ රාජකීය විද්‍යාලයේ නව රගහලේ  2024.07.15 වන දින පවත්වන ලද  කණිෂ්ඨ ශිෂ්‍ය නායකන්ගේ නිළ ලාංජන පැළදවීමේ උත්සවය සදහා තේරී පත් වූ ශිෂ්‍ය නායකයන් 93දෙනාගෙන් එම උත්සවය සදහා රුපියල් දසදහසක (10,000.00)  මුදලක් එකතු කර ඇති  අතර එහි මුළු එකතුව රුපියල් 930,000.00  වන අතර ඒ පිළිබඳව මා විසින් නියෝජ්‍ය විදුහල්පතිගෙන් 2024.07.05 වන දින ඊමේල් පණිවිඩයක් හරහා විමසන ලද අතර එම ඊ මේල් පණිවිඩයට  පිළිතුරු නොලැබුණු  අතර පසුව නියෝජ්‍ය විදුහල්පති පී.ඒ.ඩී.පී. නිශාන්ත මහතා විසින් වට්ස්ඇප් පණිවිඩයක් යොමුකරමින් දැනුම් දුන් පරිදි දෙමාපිය රැස්වීමේ දී   2024 ජූලි 12 වන දින පෙ.ව.8.00 ට කොළඹ රාජකීය විද්‍යාලයේ RCU කාමර අංක 301 දී පැවැත්වූ දෙමාපිය රැස්වීමේදී එකඟ වූ පරිදි ශිෂ්‍ය නායකයන්ගෙන් එම උත්සවය සඳහා එකතු කරන ලද රුපියල් දසදහසක (10,000.00) මුදලින් රුපියල් හාරදහසක (4000.00) මුදලක් පමණක් ඉහත සඳහන් කරන ලද ශිෂ්‍ය නායක උත්සවය සඳහා වෙන්කරන බවත් ඉතිරි රුපියල් හය දහසක (6000.00) මුදල ඉදිරි ව්‍යාපෘති සඳහා වෙන්කරන ලද බවත් ය.

ඉහත සදහන් කරන ලද මුදල එකතු කිරීම සම්බන්ධව කිසිදු ලිඛිත උපදෙසක් දෙමාපියන් වෙත නොලැබුණු අතර  මෙම මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය විදුහල්පතිගේ අනුදැනීම මත දෙමාපියන් දෙදෙනකු නියෝජිතයන් වශයෙන් පත් කරන ලද අතර එම මුදල් එකතු කිරම සම්බන්ධව පාසල් සංවර්ධන සමිතිය විසින් නිකුත් කරන ලද කිසිදු රිසිට් පතක් මේ වන තෙක් කිසිදු දෙමාපියෙකුට ලැබී නොමැත .

විශේෂයන් මෙහි දී සඳහන් කළ යුතු කරුණු වනුයේ  නියෝජ්‍ය විදුහල්පතිගේ අනුදැනීම මත ඔවුන් විසින්ම තෝරාපත්කර ගන්නා ලද දෙමාපියන් පිරිසක් (දෙමාපිය නියෝජිතවරුන්) හරහා මෙකී මුදල් එක් රැස් කිරීම සිදුකරනු ලබන නමුත් එකී මුදල් සම්බන්ධව සියලු තීරණ ගැනීම ‍බලධාරීන්  විසින් සිදුකරනු ලබයි. එමෙන්ම ‍එකී මුදල් සඳහා භාණ්ඩාගාරිකවරුන් වශයෙන් ද එකී දෙමාපියන් කටයුතු කරනු ලබන බවයි.

මෙකී දූෂණ හා අල්ලස් ගැනීම් සම්බන්ධ නීතියේ රැහැනට හසු නොවීම සඳහා එකී ගුරුවරුන් හා සෙසු බලධාරීන් විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය වනුයේ දෙමාපියකු ගේ පුද්ගලික ගිණුමට මුදල් බැරකර පසුව ඉන් යම් කොමිස් මුදලක් තමන් වෙත ලබාගැනීම වේ.පහත සඳහන් පුදගලයාගේ ගිණුම් අංකය වෙත බැර කරන ලෙස එක දෙමාපියෙකු විසින් ඉල්ලා ඇත. වඩාත් පැහැදිලි වීම උදෙසා අදාළ ගිණුම් විස්තර ඉංග්‍රීසි බසින් ඇතුළත් කර තිබෙන බව කාරුණිකව සළකන්න.ඇමුණුම [1]

එමෙන්ම ඉහත සදහන් කරන ලද ඉතිරි රුපියල් හය දහස යෙදවීමට යෝජනා කරන ලද ඉදිරි ව්‍යාපෘතිය කුමක්ද යන්න දෙමාපියන් ව හෝ දරුවන්ව  දැනුවත් කිරීමකින් තොරව “කනිෂ්ඨ ශිෂ්‍ය නායකන්ගේ දෙමාපිය සංගමය ’’ ලෙස සංවිධානය වූ පිරිසකගේ එක අයෙකු විසින් whatsapp සමුහය වෙත පනිවිඩයක් යොමුකරමින් සදහන්  කරන ලද්දේ කනිෂ්ට ශිෂ්‍ය නායකන්ගේ ව්‍යාපෘතියට අදාලව ලැප්ටොප් පරිගණක දෙකක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පාසලේ පරිගණක විද්‍යාගාරයට පරිත්‍යාග කල බවත්ය

නමුත් පවතින නෛතික රාමුවට අදාලව පාසල වෙත පරිත්‍යාග සිදු කල යුත්තේ පාසල් සංවර්ධන සමිතිය හරහා බවත් වන අතර  මෙලස පාසලට අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට අවශ්‍යතාවයක් පවහි නම් විනිවිදභාවයකින් යුතු ප්‍රසම්පාදන ක්‍රිියාවලියක් අනුගමනය කල යුතු බවත් එලෙස කිසිදු නෛතික පටිපාටියක් අනුගමනය නොකර මෙලෙස දෙමාපියන්ගේ මුදල් අවභාවිතා කිරීමට රාජකීය විදුහලේ අදාළ බලධාරීන් කටයුතු කරන බව ඉහත සාක්ෂි වලින් පෙනී යයි  

මේ සම්බන්ධව අදාළ ලේඛණ ‘ඇමුණුම 2” වෙත යොමුවන ලෙස ඉල්ලා සිටිමි. මෙකී තොරතුරු පුද්ගලික තැනැත්තකු හට ලබාගැනීම ඉතා අපහසු වූ නමුත් දූෂණ විරෝධී පනතේ 42(1) අ උප වගන්තිය යටතේ යම් තොරතුරක් ලැබීමෙන් පසුව මූලික පරීක්ෂණ හා විමර්ශණ කිරීම සඳහා වන බලතල අනුව මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනු ලබනු ඇතැයි යන්න අපගේ දැඩි විශ්වාසයයි.

ඉහත කරුණු අනුව පෙනී යනුයේ ගුරුවරුන් හා සෙසු බලධාරීන් දෙමාපියන් ද සමග එක්ව අධ්‍යාපන චක්‍රලේඛ බැහැර කරමින් වක්‍රාකාරයෙන් නීතිවිරෝදීව මුදල් එක්රැස් කරන බවයි . එබැවින් ඔබ කොමිෂන් සභාව සතු බලතල භාවිත කරමින් මෙවන් අකටයුතුකම් මෙම කොළඹ රාජකීය විද්‍යාලය තුළ නොවන ලෙසට සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

 

‍මෙයට විශ්වාසී,

  

පද්මසේන දිසානායක

   


[1] මෙකී මුදල් ගනුදෙනුවට සම්බන්ධ ගිණුම්  තොරතුරු ඇමුණුම් අංක 01 යටතේ දක්වා ඇත.

 [2] මෙකී  මුදල් එකතුකිරීම සම්බන්ධව මා වෙත ලැබී තිබෙන ලේඛණ සෙසු සාක්ෂි ඇමුණුම් අංක 02 වශයෙන් අමුණා ඇත.




 






















Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...