පාසලක ශිෂ්‍ය නායක පදවිය කියන්නේ ඉතාමත්ම ගාම්භීර වැදගත් නායකත්ව තනතුරක්
නමුත් රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක තනතුර අවභාවිතා වෙනවාද
එක වසරේ සිට හැම ගුරුවරයෙකුටම පන්දම් අල්ලා සෑම තරඟ වලට මෙන්ම ඉසව් වලට තමුන්ගේ දරුවාව අනිකුත් ළමයින් කපා දමා ගැනීමේ රහසක් සුළු පිරිසක් අතර ප්‍රචලිතයි. ඊට හේතුව නම් පහ වසරේදී ලැබෙන්නට නියමිත ශිෂ්‍ය නායක පදවියට ලකුණු එක් රැස්කිරීමටයි
මෙය දන්නෝ දනිති ක්රමවේදයකී
රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක පදවිය ලබාදෙන්නේ නායකත්වයට සුදුසු ළමුන්ට නොව එක වසරේ සිට පාසලේ පැවැති උත්සවක් ක්‍රීඩා සහ අනෙකුත් අවස්ථාවන්වලට සහභාගී වී සහතික එකතු කර ගත් ළමුන්ට පමණි
ඒ නිසා තමුන්ගේ ළමයාට වැඩියෙන්ම ලකුණු ලැබෙන බෑන්ඩ් එක, SAGA, තජ්ජිත් වැනි මුට්ටි අල්ලන්නන්ට පමණක් ලැබෙන අවස්ථාවක් හිමි කර ගැනීමට ඕනෑම පහත් වැඩක් කර, මිල මුදල්, මෙන්ම අනෙකුත් ලාභ ප්‍රයෝජන ලබා දීම සිදුකිරීම හුඟ දෙනෙක් නොදන්නා රහසකි
අධ්‍යාපනය, පැමිණීම හා විෂය බාහිර ක්‍රියාවන් වලට මෙන්ම නායකත්ව ගුණාංග වලට ලකුණු ලබා දෙනවා යැයි පවසා කිසිම පැහැදිලි නිර්ණායකයෙකින් තොරව මෙන්ම පාරදුෂ්යභාවයෙන්ද තොරව හොරෙන් ලකුණු ලබාදී සුදුස්සන්ට නොව පන්දම් කාරයන්ගේ දරුවන්ට ලබා දෙන විශේෂම වරප්රසාදයකි රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික ශිෂ්‍ය නායක පදවිය (සාක්ෂි සහිතයි)
මෙහිදී සුදුස්සන් ද කිහිප දෙනෙකුද තෝරා ගැනීම ඔවුන්ගේ ගැලවීමට පාවිච්චි කරන ක්රමයකි
හොරෙන්ම කඩිමුඩියේ තෝරාගන්නා ශිෂ්‍ය නායකයන්ට සිදුවන්නේ කුමක්දැයි බලමුද
මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දරුවන්ට වාර විභාගයත් කට උඩ තබා ශිෂ්‍ය නායක පදවි ලබාදී ඔවුන්ට කිරීමට ඇති කාර්යභාරය නම් ක්‍රීඩා තරග වලට අනිවාර්යයෙන් සහභාගී වී ping pong cheer girls ලාගේ කාර්යභාරය කිරීමයි
දරුවෙකු තම කැමැත්තෙන් ක්‍රීඩා තරගයක් නැරඹීමට යෑම කෙසේ වෙතත් විභාගයක් කට උඩ තිබියදී අධ්‍යාපන කටයුතු මෙන්ම වෙනත් දේත් කැපකොට බලෙන්ම තරඟ නැරඹීමට යැවීම අනුමත කල හැකිද?
ශිෂ්‍ය නායකයින් ලෙස තෝරාගත් බොහෝමයක් දරුවන් ළඟ නායකත්ව ගුණ හා හැකියාවන් නොමැති බව හොඳින් දන්නා අපගේ රාජකීය පාලනාදිකාරිය ඔවුන්ව මෙලෙස මෙම ගෞරවනීය ශිෂ්‍ය නායක තනතුර බාල්දු කරන්නේ ඇයි
එපමණක් නොවෙයි තවත් විහිළු සහගත දේ නම් ශිෂ්‍ය නායක ඇඳුමින් සැරසී ශිෂ්‍ය නායක ලාංචනයද ගසාගෙන ශිෂ්‍යත්ව විභායට එන ලෙස උපදෙස් ලබා දීමට උපදෙස් දුන් කවටයා කවුද?
රාජකීය ප්‍රාථමික ශිෂ්‍ය නායකයන් පිංපොං ශිෂ්‍ය නායකයන් නොව සැබෑ නායකයන් ලෙස දකින්නට ලැබෙන්නේ කවදාද?

Comments
Post a Comment