රාජකීය විද්‍යාලයේ ද්විභාෂා සඳහා පැවැත්වූ තේරීම් විභාගයින් ලකුණු 42ක් පමණක් ලැබු ශිෂ්‍යයෙක් හට ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනීමේ අවස්ථාව පැසැලෙන් අහිමි කරන ලද්දේ ඔහුට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට හැකියාවක් නොමැති යැයි පවසමින්ය.
සම්පූර්ණ 6 වන ශේණිය ඔහු සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගෙන ඉන්පසු රත්නායක විදුහල්පති තුමාගේ මැදිහත් වීමෙන් පසු 7 ශේණියේදී ඔහුට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේ අවස්ථාව ලබා දෙන ලදි
මෙහිදී පළමුව පැවැත්වූ විභාගයේ සිට සෑම විභාගයකදීම විශිෂ්ඨ ලකුණු ලබාගෙන commendable Report පිට පිට කිහිප විටක්ම ලබා ගැනීමට ඔහුට හැකිවූයේ රාජකීය විද්‍යාලයේ නිසි ක්‍රමවේදයක් හෝ පාරද්රෂ්යභාවයකින් තොරව හොරෙන් හොරෙන් පවත්වන අත්තනොමතික ප්‍රෝඩාකාරී විභාගයේ ඇගයීම 100%ක්ම වැරදි දෙයක් යැයි ඔප්පු කරමිනි
මෙය එක් ශිෂ්‍යයෙකුගේ සටහනක් වුවද මෙම හොර තෝරාගැනීමේ විභාගයෙන් අසමත් කළ සිසුන් පසුව ඔවුන්ට එම අවස්ථාව ලබාදීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් අවස්ථා අපමණය
නමුත් පුදුමයකට කරුණ වන්නේ මෙම තෝරා ගැනීමේ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් ළමුන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමේදී ඔවුන් කලින් ලබාගත් ලකුණු පවා අඩුවීම් දක්නට ඇති ළමුන් ද බෙහෙවින් ඇති බව දක්නට ලැබීමෙනි
එම නිසා අප විදුහල්පතිතුමා ඇතුළු රාජකීය විද්‍යාලයේ පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මෙම නුසුදුසු තෝරාගැනීමේ විභාගය වෙනුවට ඉල්ලුම් කරන සියලූම දරුවන්ට එම අවස්ථාව ලබාදෙන මෙනි

Comments
Post a Comment