“රාජකීය සෑම දරුවෙකුටම 2026 සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය” තේමාව යටතේ අද (19) අප හමුවූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කපිල බණ්ඩාර මහතා සහ ආචාර්ය සුලෝචනා නෙරංජනී මහත්මියයි.
ප්‍රධාන අරමුණ ලබන වසරට අවශ්‍ය ගුරුවරුන් සොයා ගැනීමයි.
හැමදා නියං එකදා වැහි වළාවේ කියමනේ නියම අරුත අපට වැටහුනේ අදයි. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අයැදින සෑම දරුවෙකුටම එය ලබා දිය යුතුයි කියන ස්ථාවරයේදී ඔවුන් ඉන්නේ අපට වඩා ගව් ගනනක් ඉදිරියෙන්. ඔවුන් ගේ කැපවීම හා උනන්දුව අපව තවත් දිරිමත් කලා. “හිත ඇත්නම් පත කුඩාද”?
අප ඔවුන් හමුවූයේ අවසන් වසරේ සිසුන් කී දෙනෙකු සීමාවාසික පදනම මත අපට ලබා ගැනීමට හැකිද සොයා බලන්නටයි. මේ මොහොතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගැන්වීමට පුහුණුවන ශිෂ්‍යයන් කණ්ඩායමක් සිටින බැවින් සීමාවාසික පුහුණුව සදහා ඔවුන් කිහිප දෙනෙකු රාජකීය විදුහලට අනුයුක්ත කිරීම අපහසු කරුනක් නොවන බැව් ඔවුන් අපට දන්වා සිටියා. ඊටත් වඩා සුභාරංචිය නම් ඔවුන්ට අපගේ ගුරුවරුන් පුහුණු කිරීමට පවා හැකි බවයි.
ඉතිං ගරු විදුහල්පති තුමනි:
පන්දුව ඔබේ court එකේ! අපි ඔබතුමාට පිට්ටනිය සකස් කොට හමාරයි. ක්‍රීඩා කිරීම හෝ නොකිරීම තනිකරම ඔබ අතේ!

Comments
Post a Comment