තව ටික දිනකින් ඔබේ දරුවා ඉංග්‍රීසි මාධ්‍යයට තේරීමේ විභාගයට ඉදිරිපත් කිරීමට ඔබට සිදුවෙනවා.
දිවයිනේ ද්විභාෂික මාධ්‍ය තිබෙන පාසැල් අතලොස්සක පමණයි මෙම විකාර, පදනම් විරහිත, අමාත්‍යාංශයේ අනුමැතිය නොලද, තේරීම් විභාගය පැවැත්වෙන්නේ.
මෙය පවත්වා ගෙන යන්නේ සුළුතරයකගේ උවමනාවටයි. තමන් ගේ සහ හිතවතුන්ගේ දරුවන්ට සහ පස්සා දොරින් එන ආයාචනා වලට ඉඩ සැලසීමයි, මෙහි එකම අරමුණ.
මෙයින් වාසි ලබන්නේ tuition ගුරුවරු කීප දෙනෙක් හා RCU/SDS හා විදුහලේ පරිපාලනාධිකාරියට තුරුළු වී සිටින දෙමාපියන් අතළොස්සක් පමණයි.
හොඳින් හොයා බලන්න ඔබට past papers හොයා ගන්න හැකිද කියා!
හොඳින් හොයා බලන්න ළමුන් test කරන්නේ කුමන වපසරියක් තුලද කියා.
මෙය දූෂිත test එකක් නොවේ නම්, කුමට මෙතරම් රහසිගතභාවයක්? OL හා AL විභාගයනට පවා නොමැති?
මෙන්න මේ දූෂිතභාවය වටහා ගත් සහ මෙම දූෂිතයින්ට එරෙහිව නැගීසිටීමට පිටකොන්දක් තිබූ පළමු විදුහල්පති රත්නායක sir අපට ඉතිරි කරල ගිය ආදර්ශය කුමක්ද?
Selection Test එකේ ලකුණු නොසලකා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගෙනීමට කැමති සෑම දරුවෙකුටම එම අවස්ඵාව ලබාදීමයි.
මේ පිළිබඳව ඔබ ලහි ලහියේ කලයුත්තේ කුමක්ද?
කණ්ඩායම් වශයෙන් Middle School Deputy Principal උදය රුවන් මහතා හමුවෙන්න. Past Papers ඉල්ලන්න. Selection Test එකේ විෂය නිර්දේශ ඉල්ලන්න.
ඉගැන්වූ දෙයකින් පිට දෙයකින් විභාගයක් පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛන වලට පටහැනි මෙන්ම නීති විරෝධී ක්‍රියාවකි
පාරාදෘශය භාවය පිළිබඳ සහතිකයක් ඉල්ලන්න. මෙය ඔබේ අයිතියයි. ඔබේ දරුවාට ඔහු කැමති මාධ්‍යයෙන් උගෙනීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක්. එය වැලකීමට කිසිම නිලධාරියෙකුට අයිතියක් නැහැ. මෙම අයිතිවාසිකම ඔබෙන් පැහැර ගත්තොත් ඔබ වෙනුවෙන් අභියාචනාධිකරනයට යෑමට අපි ඕනෑම මෙහොතක එක පයින් සූදානම්.
අවශ්‍ය ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ නැගීසිටීම පමණයි!
රාජකීය විදුහල ඔබ සහ අපට පමණක් නොව, මුළු මහත් ජාතියේම මහගු සම්පතක්. සුළුතර දූෂිත පිරිසකට එහි සාරය උරාබොන්නට දෙමින් තව දුරටත් නිහඬව සිටිමුද?
6 වසර ශ්‍රේණි භාර ආචාර්ය තුමිය - තුෂාන්ති ප්‍රභා මහත්මිය
ශ්‍රේණි භාර ආචාර්යතුමිය හෝ නියෝජ්‍ය විදුහල්පති තුමාගේ WhatsApp අංකය අවශ්‍ය නම් ලබා දිය හැක
පද්මසේන දිසානායක
0777750849
Comments
Post a Comment