Skip to main content

ලක්ෂ 21ක් ලබා ගෙනත් ඉංග්‍රීසියෙන් ඉගැන්වූ නැති රාජකීය ආදී ශිෂ්‍ය සංගමය

 







Disclaimer: The Above video & flyer are produced in 2020 and it's for reference purpose only.
DO NOT MAKE ANY CONTRIBUTION FOR THIS PROJECT




2020 වසරේදී ශිෂ්‍යත්ව විභාගයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබා රාජකීය විද්‍යාලයේ හය වසරට ඇතුළු වූ සිසුවෙකුගේ මවක් මට දුරකථනයෙන් ඇමතුවා. දහසක් පැතුම් මැද රාජකීය විද්‍යාලයට ඇතුළු වූ ඇගේ දරුවාට ද්වීභාෂා මාධ්‍යයෙන් ඉගෙන ගැනීමේ අවස්ථාවක් අහිමිවීමගැනයි මේ ඇමතුම ගත්තේ.

වසර දහ අටක් පසුවීත් රාජකීය ආදි ශිෂ්‍ය සංගමයෙන් විනය පරීක්ෂණයක් කරන බව පවසා තාවකාලිකව අත්හිට වූ මාගේ සාමාජිකත්වයෙන් පසු (දැනටත් සිදුවී නොමැත) මම රාජකීය විද්‍යාලයේ 6 - 8 වසර වල නියෝජ්‍ය විදුහල්පති චාමර සර් හමුවීමට යනවා. 

ඔහු පවසා සිටියේ ගුරුවරුන්ගේ හිඟය නිසා වසර ගණනාවක් මුළුල්ලේම ද්වීභාෂා මාධ්‍යයට ළමුන් 135කට පමණ ප්‍රමාණයකට පමණක් මෙම අවස්ථාව ලබා දෙන බවයි. අමාත්‍යංශයෙන් ගුරුවරු ඉල්ලුවත් අවුල් ලබා නොදෙන නිසාති ගණන වැඩිකර මෙම සිසුන්ට අවස්ථාව ලබාදීමට නොහැකි බවයි. 

මෙහිදී මාගේ යෝජනාව වූයේ German, French වැනි විෂයයන් වලට පිටතින් ලබාගන්නා ගුරුවරුන් විසින් පවත්වන පන්තිමෙන් ද්විභාෂා මාධ්‍යයට අවශ්‍ය අමතර ගුරුවරුන් අප පිටින් ලබාගෙන ළමුන් වැඩි කර ගැනීමට නොහැක්කේ අයි දැයි කියායි 


මේ සම්බන්ධව රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ එවකට  ලේකම් මිතිල මෙන්ඩිස් සමග පැවසූ විට ඔවුන් මට පැවසුවේ මෙය හොඳ වැඩපිලිවෙලක් බවත් මෙය සාර්ථකව කල හැකිනම් රාජකීය ආදි ශිෂ්‍ය සංගමයට මේ සඳහා රුපියල් ලක්ෂ සියයක් වෙන් කල හැකි බවත්, මෙහි සාර්ථකත්වය අප විසින් මුදල් සොයාගෙන පලමු වසර කර පෙන්වුවහොත් ඔවුන් එය ඉන් පසුව කරගෙන යන බවත්ය.  

මෙහිදී පළමු වසර සඳහා ගුරුවරුන්ගේ වැටුප සහ අනිකුත් අර්ථසාධක අරමුදල් වලට අවශ්‍ය මුදල්වල මුළු එකතුව වන රුපියල් ලක්ෂ දහසයක් (1.6 Million) ලබාදීමට හැකි නම් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිය හැකි බවයි.

මේ සඳහා පාසලට මුදල් නොමැති නිසා මෙම මුදල් ලබා දුනහොත් තවත් පන්ති වැඩිකර මෙම අවස්ථාව වැඩි සිසුන් ප්‍රමාණයකට ලබාදිය හැකි බවයි. 

ගෝලීය කොවිඩ් උවදුර මද්‍යයේ  මෙම අසීරු කර්තව්‍යයට අත ගැසූ අපගේ ලොව පුරා සිටින ආදි රාජකීයයන් මෙන්ම අනෙකුත් හිතවතුන්ගේ මාර්ගයෙන් අප ලක්ෂ දහසයක් (1.6 Million) නොව ලක්ෂ විසි එකක් (2.1 Million) රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මේ සඳහා වෙන් වූ අරමුදලකට මුදල් එකතු කරන දෙන ලදී.

මෙම අසීරු කර්තව්‍යයට රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වයවත් ලබා නොගත් තම දරු මුනුපුරන්වත් රාජකීය විද්‍යාලයේ නොමැති ආදි රාජකීයයකු වන සම්මානිත  මහාචාර්ය හේමන්ත සේනානායක මහතා ඇතුළු බොහෝ පිරිසක් අනාගත දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පමණක් සිතා මෙම කර්තව්‍යයට අත ගසා එය සාර්ථකව කර දෙන ලදී.

මුදල් ලැබීමෙන් පසුවත් මෙම වැඩසටහන ක්‍රියාවට නොනංවා එම මුදල් ස්ථිර තැන්පතුවක තැන්පත් කර පොලිය පමණක් ලබා ගැනීමට ක්‍රියාකරන ලදී.

වසරක් ගත වීත් ක්‍රියාවට නොනැංවූ නිසා මාගේ ඉල්ලීමට ලබා දුන් මෙම මුදල්වල වගකීමක් මා හටත් පැවරී ඇති නිසා, ආදි ශිෂ්‍ය සංගමයෙන් ඉල්ලා සිටියේ මෙය ක්‍රියාවට නංවන්න එසේත් නැත්නම් මුදල් ආපසු එම අදාළ අයටම නැවත ලබා දෙන ලෙසයි. නමුත් දිගින් දිගටම මෙය බීරි අලින්ට වීනා ගැසුවා මෙන්සිටි රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, මම නීති මාර්ගයෙන් මේ සඳහා ක්‍රියා කරන බව පැවසූ පසු කලබලයට පත්වී එම මුදල් ආපසු එම ලබා දුන් පුද්ගලයන්ට ම ලබාදීමට කටයුතු කරන ලදී. එම මුදල වසරක් පුරා තබා ලබා ගත් පොලිය නම් ඔවුන් විසින් තබාගන්නා ලදී.

ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනීම ලැබීමට ඉල්ලුම් කරන සෑම සිසුවෙකුටම අවස්ථාව ලබා නොදීම පටු අරමුණු වලින් පමණක් සිදුවන ක්‍රියාවක් මිස ගුරුවරුන් නොමැතිකම හෝ පහසුකම් නොමැති වීම යන කරුණු කිසිවක් අදාල නොවන බවට ඉදිරියේදී සාක්‍ෂි සහිතව පෙන්වාදීමට කැමැත්තෙමි

පද්මසේන දිසානායක




Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...