දෙමවුපියනි , ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අවදි වන්න!
දැන් ඔබේ දරුවාගේ ක්‍රීඩා දිනය ගැන හිතන්න. නැති වුණු ක්‍රීඩා උපකරණ, අවලංගු කරපු ඉසව්, " කණගාටුයි, පාසලට බජට් නෑ " කියන එකම උත්තරය. මේක ඇත්තටම හිත් රිදවනවා.
ඔබ දන්නවද, සෑම වසරකම ඔබේ දරුවා වෙනුවෙන් රුපියල් 11,000කට වඩා වැඩි මුදලක් ඔබ SDS වෙත වාර්ෂිකව ගෙවනවා. ඒ ඔබ අමාරුවෙන් හම්බකරපු සල්ලි. ඒත් මේ මුදල් ඔබේ දරුවන්ගේ පන්ති කාමරවල ගැටලු හදන්න හෝ ක්‍රීඩාවට, වෙනත් අමතර ක්‍රියාකාරකම්වලට යෙදවෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ?
ඇත්ත කතාව මෙන්න:
* SDS එකේ බැංකුවේ රුපියල් මිලියන 100කට වඩා Fixed Deposit වල තැන්පත් කරලා තියෙනවා
* 2023දී විතරක්, රුපියල් 3,342,076.55ක මුදලක් නිසි පරීක්ෂණයකින් තොරව අමතක කරලා දාල තියෙනවා
* ඒ අතරේ, ඔබේ දරුවා බිඳුණු ගෘහභාණ්ඩවල ඉඳගෙන, වාතාශ්‍ර නැති පන්ති කාමරවල ඉගෙන ගන්නවා.
* ක්‍රීඩා උපකරණ, අමතර ක්‍රියාකාරකම්, හොඳ පහසුකම් ඔවුන්ට නැති වෙලා.
මේක රජයේ පාසලක්. ගුරුවරුන්ගේ වැටුප් හෝ ගොඩනැඟිලි කුලිය ගෙවන්නේ නැහැ. එතකොට ඔබ ගෙවන රුපියල් 11,000, වෙනත් පරිත්‍යාග, උත්සවවලින් එකතු වෙන මුදල් කොහෙද යන්නේ?
ඒවා යන්න ඕනේ පන්ති කාමර හදන්න, ඔබේ දරුවන්ගේ ක්‍රීඩා, කලාව, වෙනත් ක්‍රියාකාරකම්වලට, ඒවා ඔවුන්ගේ වර්ධනයට උපකාරී වෙනවා.
ඇත්තටම සිදුවන්නේ මේකයි
* දෙමවුපියන් ගැටලු දකිනවා (බිඳුණු මේස, ක්‍රීඩා උපකරණ නැතිකම, අවලංගු කරපු ඉසව්).
* දෙමවුපියන් තමන්ගේම කාලයයි, සල්ලියි යොදවලා මේවා හදන්න උත්සාහ කරනවා.
* SDS එක මිලියන ගණන් එකතු කරලා බැංකුවේ තියනවා.
* SDS එකෙන් විය යුතු දේවල් වෙන්නේ නැහැ
* ඔබේ දරුවාගේ ක්‍රීඩා හා අමතර ක්‍රියාකාරකම්වල බලාපොරොත්තු බිඳ වැටෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ තිබියදීත්, මුදල් එකතු කිරීම් තහනම් බව කියලා තිබියදීත්, ඔබ නැවත නැවතත් ගෙවනවා.
ඔබේ දරුවන්ට ඊට වඩා හොඳ දේවල් ලැබෙන්න ඕනේ. බිඳුණු පන්ති කාමරවල ඉගෙන ගන්න ඕනේ නැහැ. ඔවුන්ගේ අනාගතය හැඩගස්වන ක්‍රීඩා, කලාව, වෙනත් ක්‍රියාකාරකම් අහිමි වෙන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම මිලියන ගණන් මුදල් බැංකුවේ තිබියදී.
දැන්ම ඔබට කළ හැකි දේ:
* බිඳුණු ගෘහභාණ්ඩ, නැති ක්‍රීඩා උපකරණ ගැන ඡායාරූප ගන්න.
* ඒවා උප විදුහල්පතිතුමාට යවන්න.
* ඔබේ මුදල් කොහේ යනවාද කියලා ප්‍රශ්න කරන්න.
* මිලියන ගණන් තිබියදී ක්‍රීඩා හා ඉසව්වලට මුදල් නැත්තේ ඇයි කියලා ඇහුවොත්.
* SDS එක හැසිරවිය යුතු දේවල් වෙනුවෙන් ඔබ ගෙවීම නවත්වන්න.
දෙමවුපියනි, අවදි වෙන්න කාලය ඇවිත්. ඔබේ මුදල් එතැන තියෙනවා. SDS එක ඒවා තියාගෙන. ඒත් ඔවුන් ඒ මුදල් ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයට, ක්‍රීඩාවට, වර්ධනයට යොදවන්නේ නැහැ. ඒ වගේම, රුපියල් මිලියන 3කට වඩා වැඩි මුදලක් ඔවුන් විසින් විනාශ කරලා. (ඔවුන්ගේම වාර්තා වලින් කියපු දේ.) තවත් කොපමණ අක්‍රමිකතා වෙනවා ඇත්ද?
ඔබේ දරුවන්ගේ හැකියාවන් නාස්ති වෙද්දී ඔබ නැවත නැවතත් ගෙවනවද, එහෙමත් නැත්නම් ඔබේ දරුවන්ට සුදුසු දේ ඉල්ලනවද?
වැටත්, නියරත් ගොයම කා නම් කාට පවසම් කෙතේ හානිය?
තේරීම ඔබේ. ඒත් ඔබේ දරුවෝ ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මෙය හැකි තාක් share කර ඔබගේම දරුවට යහපත් අනාගතයක් හදන්න
පද්මසේන දිසානායක (‘67-‘74)
0777750849
2023 SDS අවසන් ගිණුම් වාර්තාවේ පිටු අංක 21 බලන්න
සම්පුර්ණ වාර්තාව බලන්න: https://royalcollege.lk/wp-content/uploads/2024/04/Financial-Statment-2023.pdf
Comments
Post a Comment