Skip to main content

රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම ගැන ඔබ මේ දේ ගැන දැන සිටියාද?

රාජකීය විද්‍යාලයේ සිසුන්ට හය වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීමට අවස්ථාව ඇති බව අප බොහෝ දෙනා දන්නා කරුණකි. මෙහිදී බොහෝ දෙනකු නොදන්නා කරුණු කිහිපයක් ගැන ඔබගේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි.



ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගැනීමකට වඩා මෙය හඳුන්වන්නේ Content Integrated Language Learning යනුවෙනි. මෙහිදී සිදුවන්නේ දරුවාගේ මව් භාෂාවට අමතර භාෂාවකින් වෙනත් විෂයයක් හෝ කිහිපයක් ඉගෙන ගැනීමකි. මෙහිදී ඇති වාසිය වන්නේ එකම වේලාවකදී වෙනත් විෂයක් ඉගෙන ගන්නා අතරතුර ඉංග්‍රීසි භාෂාවද ප්‍රගුණ කර ගැනීමට ඇති හැකියාවයි. 


සමහර දෙමව්පියන් මෙම ඉංග්‍රීසි මාධ්‍යයට දරුවන් යොමු නොකරන්නේ තමුන්ගේ දරුවාගේ ඉංග්‍රීසි භාෂාවේ දැනුම අඩු මට්ටමක පැවතීම නිසා ඔහුට විෂය හරි හැටි තේරුම් ගැනීමට නොහැකි වීම සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන අමතර පන්ති සොයා ගැනීමට ඇති අපහසුතාවය නිසාය. 


නමුත් මෙහිදී අප සලකා බැලිය යුත්තේ අනාගතයේදී විශ්ව විද්‍යාලයකට ඇතුල්වන ඔබේ දරුවා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම කළ යුතු බවයි. ඊට අමතරව රැකියාවකට යෑමේදී සහ සමාජයේ ඉදිරියට යෑමේදී වුවද ඉංග්‍රීසි මාධ්‍ය අත්‍යවශ්‍ය කරුණකි. 


ඔබගේ දරුවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම නොහොත් මෙය අප හඳුන්වන්නේ ද්වීභාෂා මාධ්‍යයෙන් ඉගෙනීම ලෙසිනි. එම නිසා සියලූම දෙමාපියන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ද්වීභාෂා මාධ්‍යයෙන්ම ඉගෙනීමට ඔබගේ දරුවා යොමු කිරීම ඔහුගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් යහපතක් වන නිසාය


රාජකීය විද්‍යාලයේ මූලික විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන අතර අනෙකුත් විෂයයන් සිංහල මාධ්‍යයෙන් හෝ දමිළ මාධ්‍යයෙන් ඉගැන්වීම මෙහිදී සිදුවේ.


සමහර කොළඹින් පිට රජයේ පාසල් වලදීද කැමති සියලූම සිසුන්ට මෙම ද්විභාෂාව යටතේ ඉගෙනීම ලබා ගැනීමට පහසුකම් ඇතත් රාජකීය විද්‍යාලයේ තවමත් එය සියලූම සිසුන්ට ලබා ගත නොහැකි වීම  අභාග්‍යයට කරුණකි


(මීට අදාල හේතු සහ කාරනා ඉදිරි ලිපිවලින් ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙමු)


කැමති සියලූම සිසුන්ට ද්විවිභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය රාජකීය විද්‍යාලයේ ද ලබා ගැනීමට අප කණ්ඩායම ඉමහත් පරිශ්‍රමයක් දරන අතර, දැනට පවතින ක්‍රමවේදය ගැන ඔබව දැනුවත් කරන්නේ මෙහි ඇති අක්‍රමිකතාවලින් ඔබේ දරුවාට මෙම අවස්ථාව අහිමි නොවීම වෙනුවෙනි.


මෙම පණිවිඩය ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනීම ලැබීමට බලාපොරොත්තු වන සිසුන්ට මෙන්ම විශේෂයෙන්ම දැනට හොඳින් ඉංග්‍රීසි කතා කරන, පන්තියේදී ඉංග්‍රීසි වලට වැඩි ලකුණු ලබා ගන්නා දරුවන්ගේ දෙමව්පියන් විශේෂයෙන්ම සැලකිලි මත් විය යුතු කරුණකි


පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ද්වීභාෂා මාධ්‍යයෙන් ඉගෙනීමට කැමති සිසුන්හට විශේෂ තෝරා ගැනීමේ විභාගයක් රාජකීය විද්‍යාලය මගින් පවත්වනු ලබයි (මෙය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමැතිය නොලත්  චක්‍ර ලේඛන වලට පටහැනි දෙයකි)


මෙම විභාගයේදී සාමාන්‍යයෙන් ගෙදරදී මෙන්ම පන්තියේදීත් හොඳින් ඉංග්‍රීසි කතා කරන එමෙන්ම පන්තියේදී ඉංග්‍රීසි විෂයට වැඩි ලකුණු ගන්නා ළමුන් නොව සමහර අවස්ථාවලදී ඊට හාත්පසින් වෙනස් ළමුන්ද මෙම තෝරා ගැනීමේ විභාගයෙන් ඉහළින්ම සමත් වනු පසුගිය අවුරුදු පුරාවටම දැකගත හැකිය


මෙහි ඇති රහස නම්


මෙම විභාගයේදී අසනු ලබන ප්‍රශ්න පිළිබඳව කිසිම පූර්ව දැනුම් දීමක් හෝ විෂය නිර්දේශයක් රාජකීය විද්‍යාලය මගින් ප්‍රකාශයට පත් නොකිරීමත්, පසුගිය වසර වල පැවැත්වූ විභාගවල ප්‍රශ්න පත්‍ර ලබා නොදීමත් විශේෂ කරුණකි


මෙහි රහස දන්නා සමහර දෙමව්පියන් තම දරුවන්ව මෙම විභාග ක්‍රමය ගැන හොඳින් දන්නා ගුරුවරුන් වෙත අමතර පන්ති වලට හොරෙන්ම යවනු ලැබීම මෙන්ම මෙහි ඇති ප්‍රශ්න වෙනත් අයථා ක්‍රම මගින් ලබා ගැනීම හේතුවෙනි


අපගේ විමර්ශන කණ්ඩායමට ලැබුණු තොරතුරු අනුව පසුගිය වසර වල පැවැත්වූ ප්‍රශ්න පත්‍රවලින් අපට හොඳින්ම පෙනී යන කරුණක් වන්නේ පහ වසරේ සිසුන්ට කිසිම ලෙසකින්වත් උගන්වන්නේ නැති එනමුත් හය වසරේ විෂය නිර්දේශයෙන් තෝරාගත් ප්‍රශ්න මෙම තෝරා ගැනීමේ විභාගයේදී ප්‍රශ්න ලෙස අසාධාරණ ලෙස රාජකීය ළමුන්ට ලබා දීමයි


එම නිසා ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනීම ලබා ගැනීමට බලාපොරොත්තු වන සියලූම දෙමව්පියන් වෙත කියා සිටින්නේ හය වසරේ ගණිතය හා විද්‍යාව පාඩම් වල කොටස් හැකි නම් ඔබ දරුවාට කියා දී මෙම අසාධාරණ තෝරා ගැනීමේ විභාගයට සූදානම් කරන ලෙසය 


පහත ඇති ලින්ක් එකෙන් ඔබට ඒ සඳහා සූදානමක් ලබාගත හැකිය

https://www.e-thaksalawa.moe.gov.lk/En/en-grade6.php


මෙම අසාධාරණ තෝරාගැනීමේ ක්‍රමය අහෝසි කර, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශවලට එකඟව කැමති සියලූම සිසුන් හට ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනීම ලබා ගැනීමට අපේ සියලු උත්සාහයන් කරන අතර එතෙක් මෙම අසාධාරණ විභාගය සුළු පිරිසකට පමණක් දන්නා හොර ක්‍රමය ඔබ සියලු දෙනාටම හෙළිකිරීම මෙම ලිපියේ අරමුණයි



මෙම පණිවිඩය හැකිතාක් සියලූම දෙමව්පියන් වෙත share කර අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබගේ යුතුකම ඉෂ්ට කරන්න



Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...