Skip to main content

සැඟවිය නොහැකි රාජකීය නිරුවත

 






2003 ජුලි 23 රාවය පුවත් පතේ පළවූ වාර්ථාව

ගරු කරුණාසේන කොඩිතුවක්කු පා.ම- අධ්‍යාපන අමාත්‍ය
ගරු ඇමතිතුමනි,

2002.11.17 වැනි දින රාවය පුවත්පතේ පළ වූ ශ්‍රී ලාල් සෙනෙවිරත්න මහතා සමඟ ඔබ පැවැත්වූ සංවාදයෙහි රාජකීය 'ස්ටැග් නයිට්ස්' පිලිබඳව ඔබ විසින් ප්‍රකාශිත කරුණු පිළිබඳවයි. මතු දැක්වෙන කරුණු ඉදිරිපත් කරන්නේ පූර්ණ වගකීමකින් හා රාජකීය විදුහල අද වැටී ඇති නාරාරාවළෙන් ගොඩ ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් බව කාරුණිකව සලකන්න.
 
* මෙය රාජකීය විදුහල් භූමියේ සිදු නොවූ බව සත්‍යයකි. (ඔබ ලේකම්වරයාගේ වාර්තාවේ සඳහන් එකම සත්‍යයත් එයයි) එසේම මේ දක්වා මෙය රාජකීය විදුහල් භූමියේ සිදුවූ බවට කිසිවෙකුත් චෝදනා නොකොට ඇති බව ඔබ හොඳින්ම දනී.

 * මෙම වසරේ 'ස්ටැග් නයිට්' උළෙල වසර 116 ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන, වරෙක ජනාධිපති ජයවර්ධන මැතිතුමා පවා ලේකම් ලෙස කටයුතු කළ, විදුහල්පති මුලසුන දරන රාජකීය විද්‍යාලයීය සංගමය මගින් සංවිධානය කළ බවට සාධක සහිතව ඉතා පහසුවෙන් ඔප්පු කළ හැක. කරුණාකර මේ සමඟ අමුණා ඇති 2002.03.07 දාතම ඩේලි නිවුස් පුවත්පතේ අවසන් පිටුවේ පළ වූ දැන්වීම කියවන්න. එහි සඳහන් පරිදිම CR & FC පිටියේ එළිමහන් වේදිකාවක, විවෘතව, සමලිංගික ජවනිකා ඇතුළත් කැබරේ දර්ශන ඉදිරිපත් කෙරිණි. දැන්වීමේ සඳහන් ගායකයින් හා සංගීත කණ්ඩායම් සහභාගී වූ අතර ගේට්ටුවෙන් ටිකට් මිලදී ගත් ඕනෑම අයෙකුට මෙම දුලඛ සංදර්ශනය නැරඹීමට වරම් ලැබිණ. මෙම දැන්වීමට අමතරව මේ සමග අමුණා ඇති 2002.07.20 වැනි දින වාර්ෂික මහා සභා රැස්වීමේදී සංගම් ලේකම් වරයා විසින් ඉදිරිපත් කළ 2001/2 වසර සඳහා වූ වාර්තාව කියවන්න. මෙවර 'ස්ටැග් නයිට්' සංදර්ශනය සංගමයට අනුබද්ධ ORGACO මගින් සංවිධානය කරන ලද බැව් ලේකම්වරයා සනාථ කරයි. එහි මුලසුනද විදුහල්පති හොබවන අතර ලේකම් වූයේ වත්මන් ජාතික ලොතරැයි මණ්ඩල සභාපතිවරයාය. සංගමයේ අරමුදල් තරකරනු වස් සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි. කැබරේ නළගනන්ට හා සංගීත ශිල්පීන්ට අත්තිකාරම් වශයෙන් සෑම වසරකම රුපියල් ලක්‍ෂයක අවම මුදලක් සංගම් භාරකාර අරමුදලෙන් මුදා හරිනු ලබයි. සෑම වසරකම ආදායම හා වියදම විගණනය කිරීමෙන් අනතුරුව ශුද්ධ ලාභය සංගම් අරමුදලට බැර කරනු ලබයි. අමුණා ඇති මූල්‍ය කමිටු වාර්ථා කියවන්න. මූල්‍ය කමිටුවේ මුලසුන හොබවන්නේද විදුහල්පතිවරයාය.

 * මීට වසර දෙකකට ඉහත මෙම නිර්ලජ්ජිත ක්‍රියාවෙන් විදුහල්මාතාවගේ නම කෙළසීම පිළිබඳ කැක්කුමකින් යුත් ආදි සිසුනු පිරිසකගේ බලපෑම මත 'ස්ටැග් නයිට්' සංවිධානය කිරීමෙන් සංගමය හෝ එයට අනුබද්ධිත සියලු සංවිධානයන් වැළකිය යුතුය යන මතය ප්‍රබලව ගොඩ නැගිණි. එම යෝජනාවට ව්රුද්ධව සිය වාචාලත්වය මැනවින් ප්‍රදර්ශනය කළ (සංගමයේ ත්‍රිවිධ රත්නයෙන් එක රත්නයක් සේ හඳුන්වන) ජ්‍යෙෂ්ඨ නීතිඥ ආදි සිසුවෙක් ප්‍රකාශ කළේ ස්ටැග් නයිට්' හා 'කැබරේ දර්ශන‍් විදුහලේ චිරාගත සම්ප්‍රදායන් හා සබැඳුණු අංගයන් බැවින් ඒවා දිගටම පවත්වා ගෙන යා යුතු බවයි.

 යෝජනාව රැස්වීමට  සහභාගී වු සාමාජිකයින් 119 ගේ ඒකමතික එකඟතාවයෙන් සම්මත වෙද්දී සභාවේ මුලසුන දැරුවේ වත්මන් විදුහල්පතිවරයාය. වත්මන් සොලිසිටර් ජනරාල්වරයා මේ 119 ගෙන් එක් අයකු වූ බව මගේ විශ්වාසයයි. අමුණා ඇති අදාළ වාර්තා කියවන්න.

 * මේ සියල්ල හෙළිදරව් වූ පසු විදුහල්පති. සංගම් නිලධාරීන්, ආමාත්‍යංශ නිලධාරීන් හා තවත් බොහෝමයක් වෙර දරන්නේ මෙම ඍ තැටිය විදුහලට සංගමයට හා ආදි සිසුනට මඩ ගැසීමට රාජකීය විදුහල හා නිරන්තර ඊශ්‍යාවෙන් පසුවන අනෙකුත් විදුහල් විසින් කරන ලද ව්‍යාජ නිර්මාණයක් බවයි. සත්‍ය කුමක්දැයි ඔබ හට සැබැවින්ම දැන ගැනීමට අවශ්‍ය නම්, රහසිගත මෙය නැරඹූ කීපදෙනෙකු (වත්මන් සිසුවෙකු ඇතුලුව) ඔබ හමුවට පැමිණවීම අසීරු නොවනු ඇත. හිටපු විදුහල්පති කුමාරසිංහ මහතා Sunday Leadre පුවත්පතට කියා තිබුණේ 'ස්ටැග් නයිට්‍් උලෙළට සහභාගී වීමත් කැබරේ දර්ශන ඇරඹීමට පෙරාතුව පිට වී යාමත් සම්ප්‍රදායේම කොටසක් බවයි.

 * රාජකීය විදුහලට පත් කිරීමට වෙනත් සුදුසු විදුහල්පතිවරයෙකු දිවයිනේම නොමැති බවට ඔබ විසින් කරන ලද ප්‍රකාශය හා මම මුළුමනින්ම එකඟ ‌වෙමි. දිවයිනේ හොඳම විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයෙන් ඉතිරිය ගැන සිතා ගැනීම අපහසු නැත. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මැතිතුමාට පසුව සෘජුව මෙවන් අදහසක් පළකළ ප්‍රථම අධ්‍යාපන ඇමතිවරයා ඔබ වෙතැයි මම විශ්වාස කරමි. 1967 වසරේ දුර බැහැර ගමකින් රාජකීය විදුහලට ඇතුළත් වූදා පටන් මෙදා තුර විදුහල්පතිවරුන් අට දෙනෙක් මම දැක ඇත්තෙමි. ඉන් කීප දෙනෙකු දෙවිවරු බඳු වූ අතර තවත් කිහිප දෙනෙක් නම්බුකාර මහත්වරු වූහ. නමුත් දැන් දැන් විදුහල්පතිවරුන් රාජකීය විදුහලට එන්නේ එය හදන්නට නොව එයින් හැදෙන්නටය. 

මීට වසර දෙකකට පෙර රාවය පුවත්පතේ පළ වූ 'රාජකීය විදුහලට සිසුන් ඇතුළත් කිරීම ජාවාරමක්ද? ලිපිය ඔබට මතකද? මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇරඹූ පරීක්‍ෂණ ඒ විගසින් යට ගැසුණේ ඉහළම තැන් වලින් පැමිණි නියෝග මත බව මම අසා ඇත්තෙමි. හිටපු අධ්‍යාපන අතිරේක ලේකම්වරයෙකු මා සමග පැවසුවේ අමාත්‍යාංශයේ ඉහළම මට්ටමේ සිට යතුරු ලේඛිකාව දක්වා අය රාජකීය විදුහල්පතිවරයා රැක ගැනීමට ඇප කැප වී සිටන බවයි. රාජකීය විදුහලට ළමුන් ඇතුළත්කිරීමේ දොරටුව මොරටුවේ ප්‍රසිද්ධ විදුහලක පිහිටුවා ඇති බව ප්‍රසිද්ධ රහසකි. මුලු රාජකීය විදුහලම අද විශාල පිළිකාවක තත්ත්වයට පත් වී ඇති බවත්, මුදල් වංචා හා විනය පිරිහීම සුලබ බවත්, ප්‍රකට රහස්ය. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතුව හොත් රාජකීය විදුහලේ විනය මට්ටම පිළිබඳව අලුත්ම තත්ත්වය ඔබට දැනගත හැකි වනු ඇත.

 * අද රාජකීය විදුහලේ සිසුන්ගෙන් 70% ට වඩා ඇත්තේ ගම්බදින් පැමිණෙන දිවයිනේම දීප්තිමත් යැයි සැලකෙන සිසුනේය. ඔවුන් බොහොමයකගේ දෙමාපියන්, ගුරුවරුන්, ගොවීන්, මේසන් බාස්වරු, රියැදුරු හා කොන්දොස්තරවරු වෙති. ඔවුන් රාජකීය විදුහලට අදත් සිය දරුවන් එවන්නේ මීට තිස් වසරකය පෙර මා දයාබර මෑණියන් මා රාජකීය විදුහලට එවූ පරම චේතනාවෙනි. එනම් දරුවා හොඳින් ඉංග්‍රීසි උගෙන රාජකීය ලේබලයේ පිහිටෙන් සමාජයේ උසස් තලයකට යවා ගැනීමටය. අද රාජකීය විදුහලේ ඒ දේ සිදු වේද? ගමෙන් පැමිණි සිසුන් බොහොමයක් ආපසු ගමට යන්නේ පැමිණි තත්ත්වයට ඉහළින් නොවේ. (ශිෂ්‍ය නිවාසයේ සිසුන් කිහිප දෙනෙකු පිහිණුම් තටාකය පැමිණි අමුත්තන්ගේ මුදල් සොරකම් කර අසු වූ බැව් පසුගිය දිනෙක මට අසන්නට ලැබිණ. මොවුන් ගමෙන් පැමිණෙද්දී සොරුන් නොවූ බවත් සොරුන් බවට පත් වූයේ රාජකීය විද්‍යාලයට ඇතුල් වූ පසුව බවත්, ඔවුන් සොරුන් වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ විදුහලේ පරිපාලනය බවත් මම තරයේ විශ්වාස කරමි. රාජකීය විදුහලේ ගත කළ වසර කිහිපය තුළ ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම කොතරම් දුරට වර්ධනය වීද? ආත්ම ශක්තිය තිබුණටත් වඩා පහළය. නායකත්ව වර්ධනයක් හෝ එකම හේතුව ඒ සඳහා උනන්දුවක් හෝ ක්‍රියාවලියක් වත්මන් රාජකීය විදුහලේ නොමැති වීමයි. රාජකීය විදුහලේදී ඔවුන්ට ලැබෙන කුඩම්මාගේ සැළකිලි ගැන වෙනම ලිවිය යුතුය. රැකියා සඳහා රාජකීය සිසුන් සහභාගී වන සම්මුඛ පරීක්‍ෂණ වල අද ඔවුන් අභිබවා පෙරට එන්නේ ශාන්ත තෝමස්, ආනන්ද, නාලන්ද, සිසුන් නොව මලියදේව, මහින්ද, වැනි පළාත්බද සිසුනේය.

අධ්‍යාපන ඇමති වශයෙන් ඔබට ඇත්තේ රාජකීය විදුහල්පතිවරයාට සුදු හුණු ගෑම නොවේ. ඒ කාර්යය සඳහාම කැපවුන කීර්තිමත් තලතුනා ආදි සිසුන් රැළක්ම සංගමයේ සිටිති. (ලක්‍ෂමන් ගෝමස්ට පින් සිදුවන්නට පසුගිය කාල සීමාවේ ඔවූහු ඉතා කාර්යබහුල වූහ. ඔවුන් තවම ඉටු කර නොමැත්තේ 'කඳ සුරිඳුනි. ලක්‍ෂ්මන් ගෝමස් රැකදෙන්න' බැනර් විදුහල වටේට එල්ලීම පමණකි) ඔබ කාර්යය විය යුත්තේ 'පිළිකාව' ශුද්ධ කිරීමය. ඊටත් පෙරාතුව, ඔබට ලණු දෙන නිලධාරීන්ගෙන් අමාත්‍යංශය ශුද්ධ කර සිටීමය. ඔබ විසින් 'රාජකීය පිළිලය’ ශුද්ධ කරනු ඇතැයි මා උදක්ම බලාපොරොත්තු වෙමි. ඒ රාජකීය විදුහල මගේ විදුහල පමණක් නිසා නොවේ. එය රටේ මහගු සම්පතක් බැවිනි. කැපවීමෙන් යුත්, සිය වැටුපෙන් සැනසීමට හුරු පිට නොන්දක් ඇති විදුහල්පතිවරයෙක් ලබා දුනහොත් වසර 3ක් තුළ රාජකීය විදුහලට නැවතත් අනාගත නායකයන් බිහි කිරීමේ කර්තව්‍යය ඇරඹිය හැකි වනු ඇත.


මෙසේ ඉල්ලා සිටීමට මට සෑම අයිතියක්ම ඇතැයි මා සිතමි. මීට අමුණා ඇති රාජකීය විදුහලට,සංගමයට හා ශිෂ්‍ය නිවාසයට පසුගිය වසර කිහිපය තුළ මාගේ දායකත්වය සළකා බලන්න. අද රාජකීය විදුහලේ 'නම්බුව රැක ගැනීමට‍් වලිකන කීර්තිමත් ආදි සිසුන් සියල්ල එක් කළත් ඊට වැඩි සේවයක් මා විසින් විදුහල් මාතාවට කර ඇති බව නිහතමානීව විශ්වාස කරමි. මා ඔබ රජයෙන් හා ඔබ වන් උගත්, බුද්ධිමත් පුද්ගලයෙකුගෙන් බලාපොරොත්තු වූයේ ‛පිළිකා' ගැන ප්‍රසිද්ධ දේශන පැවැත්වීමටවත් 'පිළිකා වාහකයින්ට‍් ප්‍රසිද්ධ රැකවරණ සැපයීමටත් නොව ගැඹුරු හා වේදනාත්මක සැත්කම් කොට 'පිළිකාවන්‍් ඉවත් කිරීමටය. ඒ සඳහා මීටත් වඩා හොඳ අවස්ථාවක් නැවත උදා නොවනු ඇත.

පද්මසේන දිසානායක
යාවජීව සාමාජික.
රාජකීය විද්‍යාලයීය සංගමය


--------------------------------------------

මෙතෙක් කල් අත්විඳපු මෙම පහත් වින්දනය ලොවට හෙළි වීමත් සමග
ඉදිරියට මෙය කරගෙන යාමට නොහැකි වීමෙන් අගතියට පත් රාජකීය විද්‍යාලය ආදි ශිෂ්‍ය සංගමය, හෙළිදරව්ව කළ පුද්ගලයාගේ සාමාජිකත්වය විනය පරීක්ෂණයකට යටත්ව තාවකාලිකව අත්හිටවන ලදී




මෙම පහත් වින්දනය ලබාගත් ආකාරය තහවුරු කිරීමට වීඩියෝ සාක්ෂි සහිත නමුත්  මෙවැනි අසභ්‍ය දෙයක් ප්‍රසිද්ධියේ පලකිරීමට වත් උචිත නොවන නිසා මෙහි පල නොකරන බවත්, තහවුරු කර ගැනීමට අවශ්‍ය නම්  මා හා පුද්ගලිකව සම්බන්ධ වීමෙන් ලබා ගතහැක


1) 2002 සිට මේ වනවිට වසර 25ක් ගත වී ඇතත් මේ දක්වා විනය පරීක්ෂණයක් පැවැත්වීමට අපොහොසත්ව වී ඇත.

2) විදුහලේ කීර්තිය කෙලෙසුවේ නිරුවත් සංදර්ශන සංවිධානය කලවුන්ද නැතහොත් එයට එරෙහිව එය හෙළිදරව් කලවුන්ද?

3) අනාගත පරපුරේ සුභ සිද්ධිය වෙනුවෙන් මෙම නින්දිත, නිර්ලජ්ජිත ක්‍රියාව සදහටම අවසන් කලේ කවුරුන්ද?






Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...