2023 මැයි මස 23 වන දින Daily FT ප්රවත්පතේ පලවු ලිපිය සම්බන්ධව කෙටි සටහනක්
අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛන වලින් බැහැරව තෝරා ගැනීමේ විභාගයක් පවත්වා සීමිත සිසුන් පමණකට ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දී තිබූ රාජකීය විද්‍යාලයේ, සියළු බාධක මැඩපවත්වා ඉල්ලුම් කරන ඕනෑම දරුවෙකුට ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට ඉඩ සලසා දුන් රත්නායක ගුරු පියාණන්ට අපගේ ගෞරවනීය ආචාරය
ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනීමට අවශ්‍ය නම් රාජකීය විද්‍යාලයෙන් ඉවත් කරගෙන ජාත්‍යන්තර පාසලකට යන්න කියා කිවූ විදුහල්පතිවරුන් සිටි පාසලක, ආදී රාජකීය සිසුවෙකුද වූ ප්‍රසාද් නම් වූ නියෝජ්‍ය විදුහල්පති තුමා තම දරුවාට ද්වීභාෂා මාධ්‍යයෙන් ඉගෙනීමට අවස්ථාව නොලැබුණු හෙයින් අනෙකුත් දරුවන්ටද ලබා නොදීමට කුහක කමින් කළ හැකි සියලු දේ අවහිර කරමින් තම හිතවතුන්ට පමණක් ලකුණු වලින් පිටද අවස්ථාව ලබා දීමක් තිබූ පරිසරයක රාජකීය විද්‍යාලයට කෙටි කාලයකට පත්වීම් ලැබ පැමිණි රත්නායක මහතා මේ සියල්ල වෙනස් කර ඉල්ලුම් කරන ඕනෑම දරුවෙකුට එම අවස්ථාව ලබාදීම විශේෂත්වයකි
නමුත් අප දරුවන්ගේ අවාසනාවට ඉන්පසුව පැමිණි විදුහල්පතිවරුන් විසින් එම අවස්ථාව නැවතත් අහිමි කරමින් මේ ගෙන යන සදාචාර විරෝධී වැඩ පිළිවෙල පරදවා ඉල්ලුම් කරන ඕනෑම දරුවෙකුට ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනීමේ අයිතිය තහවුරු කරන තෙක් අප සටන් වදින බවින් ප්‍රකාශ කර සිටිමු


Comments
Post a Comment