Skip to main content

රාජකීය විදුහල්පතිගෙන් ජෝසප් ස්ටාලින්ට දුරකථන ඇමතුමක්




මෑතකදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාවකදි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා රාජකීය විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ සිදුවී ඇති දැවැන්ත මූල්‍ය වංචාවක් ගැන විශේෂ හෙලිදරවුවක් කරනු ලැබුවා. මෙහිදී රුපියල් 3,342,076.55 ක මුදලක් අතුරුදහන් වීමක් ගැන සහ පාසැලේ අත්‍යවශ්‍ය වියදම් රැසක් තිබියදී රුපියල් මිලියන සියයකට අධික මුදලක් බැංකුවේ ස්ථාවර තැන්පතුවල තැන්පත් කර ඇති බව හෙලිදරවු කරන ලදී


මේ සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමට රාජකීය විද්‍යාලයට මැතකදී පත්වීම් ලද අතුල විජේවර්ධන මහතා දුරකථනයෙන් ජොසප් ස්ටාලින් මහතා හා සම්බන්ධ වුවා


මෙහිදී අදහස් දැක්වූ රාජකීය විදුහල්පති...


රාජකීය විද්‍යාලයේ වාහන විස්සකට අධික ගනනක් ඇති බවත් ඒ සඳහා රජයෙන් ලබාදී ඇත්තේ එක් රියදුරෙකු පමණක් බවත් ඉතිරි රියදුරන් සඳහා පාසලෙන් වැටුප්, දීමනා සහ අර්ථසාදක මුදල්ද ගෙවන බවත් දැනට පාසැලේ අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් සඳහා රුපියල් බිලියන දෙකකට අධික මුදලක් අවශ්‍ය බවත් දැණුම් දෙනලදී


දැනට පාසල පවත්වාගෙන යන්නේ ණයට ලබාගත් මුදල් වලින් බවද තව දුරටත් සඳහන් කරන ලදී


මෙම කරුණු සම්බන්ධව රාජකීය විදුහල්පති අතුල විජේවර්ධන මහතාගෙන් අපට අසන්නට ඇත්තේ...


දැනට ප්‍රසිද්ධ කර ඇති පාසල් සංවර්ධන සමිතියේ විගණනය කල ගිණුම් වාර්ථාවල සහ අයවැය ගිණුම් වාර්ථාවල මේ සම්භන්ධව සඳහන් කර ඇත්තේ කොතැනකද යන බව අපට පෙන්වා දෙන මෙන්ය


එමෙන්ම රුපියල් බිලියන දෙකේ වියදම් අද ඊයේ ඇති වූ දෙයක් නොවන හෙයින් නව විදුහල්පති තුමාට කිසිවක් අප නොකියන බවත් මේ දේ ගැන මෙතෙක් පාලනය කල ආදී ශිෂ්‍ය සංගම් මෙන්ම පාසල් සංවර්ධන සමිති මඩුල්ලෙන් අප අසා සිටින්නේ මේ සම්බන්ධව ඔබතුමන්ලා මෙතෙක් කර ඇත්තේ කුමක්ද යන්නයි


හැමදාම නැති බණ කියමින් හිඟන්නාගේ තුවාලය මෙන් මෙයම කිය කියා දෙමාපියන්ගෙන් නීත්‍යාණුකූල නොවන අයුරින් මුදල් එකතු කරමින් අක්‍රමිකතාවල යෙදෙන නිලධාරීන්ට කීමට ඇත්තේ නටන්නට බැරි එකාට පොලොව ඇදයි මෙන් නොසිට එක්කො ඔබට කල හැකි දෙයක් කර රාජකීය නාමය රකින ලෙස හෝ රාජකීය නාමය නොකෙලෙසා මෙතැනින් ඉවත්වී කලහැකි අයට මෙය පවරන ලෙසය


නව රාජකීය විදුහල්පති තුමණි. මේ අඩුපාඩු සාදා රාජකීය නාමය සෑම සිසුවෙකුගේම අනාගත සුභසෙත වෙනුවෙන් ඔබ කරන්නට බලාපොරොත්තු වන්නේ කුමක්ද?


මෙම අභියෝගයට ඔබ සූදානම්ද?


ඔබට සියළු ශක්තිය හා ධෛර්යය ලැබෙවායි අප පතමු.

Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...