Skip to main content

අලුත් වෙන අපේ O/L කතාව

 Copied from a WhatsApp message 


📜විෂයන් 14ක් සහ වාරෙකට ක්‍රෙඩිට් 35ක් එක්ක අලුත් වෙන අපේ ඕලේවල් කතාව.


🤩ඔන්න එක ඉස්කෝලෙක 10 වසරට පාස් වෙලා ඉන්නවා ළමයි තුන්දෙනෙක්.


එක්කෙනෙක් A, අනෙකා B ඊලඟ කෙනා C.


A ආස උසස්පෙළට මැත්ස් හරි සයන්ස් හරි ටෙක් හරි කරන්න.


B ආස උසස්පෙළට කලා කරන්න.


C ආස උසස්පෙළට කොමස් කරන්න.


හැබැයි එයලා ඉන්නෙ තාම දහය වසරේ නිසා එයලා සාමාන්‍යය පෙළට විෂයන් හතක් තමයි කරන්න ඕන.


🚩එකෙන් විෂයන් පහක් අනිවාර්‍ය ( Compulsory) විෂයන්. අනිත් දෙක තෝරගන්න නැත්තම් වරණීය ( Elective) විෂයන්.


🚩දැන් බලමු මොනාද මේ අනිවාර්‍යෙන්ම කරන්න ඕන විෂයන් කියලා.


🚩පොදු මූලික විෂය මාලාව යටතේ සිසුන් හැදෑරිය යුතු අනිවාර්ය විෂයයන් පහත පරිදි වෙනවා.


මව් බස

ඉංග්‍රීසි භාෂාව

ගණිතය

විද්‍යාව

ආගම සහ සාරධර්ම අධ්‍යයනය


🚩එතකොට මොනවද තෝරගන්න තියෙන විෂයන් ?


ඒවා තමයි,


දෙවන ජාතික භාෂාව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ඉතිහාසය

පුරවැසි අධ්‍යාපනය

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය

තාක්ෂණය

භූගෝල විද්‍යාව

සෞන්දර්ය අධ්‍යාපනය

ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය


🚩හරි එතකොට ඔක්කොම විෂයන් හතයිනේ සාමාන්‍යය පෙළට එන්නෙ.


🏴එතකොට කොහොමද විෂයන් 14ක් වෙන්නෙ ?  


ඒ කියන්නෙ සාමාන්‍යය පෙළ විභාගයට එන්නෙ නැති ඒත් තව ඉගෙන ගන්න ඕන විෂයන් තියනවද ?


ඔව්.


🏴මොනාද ඒ ?


එවට කියන්නෙ වැඩිදුර අධ්‍යාපන විෂය මාලාවල තියෙන විෂයයන්.


🏴ඒ මොනවද ඒ විෂයන් ?


සිසුන්ට වැඩිදුර අධ්‍යාපන විෂය ක්ෂේත්‍ර යටතේ ඔවුන් උසස් පෙළ සඳහා අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වන විෂයයන් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා හදාරන්න ඕන විෂයන්.


🏴මොනාද ඒ විෂයන් ?


මොනවද ඒ විෂයන් කියලා හොයන්න කලින් බලමු ඒ විෂයන් කාණ්ඩ ගත කරන ප්‍රධාන කාණ්ඩ තුන මොකක්ද කියලා.


ඉතිං මේ විෂයන් කොටස් තුනකට බෙදෙනවා.


1)STEM විෂයන්.

S - Science 

T - Technology 

E - Engendering 

M - Maths


2) මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව


3) කළමනාකරණය


🏴එතකොට කොහොමද ඒ විෂයන් තෝරගන්නෙ ?


අපි හිතමු උසස්පෙළට ගණිතය විද්‍යාව හෝ තාක්ෂණ වේදය තෝර ගන්න ළමයෙක් ඉන්නවා නම් එයා ගන්න ඕන STEM කාණ්ඩයෙන් විෂයන් හතරක්.


එතකොට STEM කාණ්ඩයේ තියෙන විෂයන් තමයි


ශුද්ධ ගණිතය , ව්‍යවහාර ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, පරිගණක විද්‍යාව, දත්ත විද්‍යාව, කෘෂි විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව ඉංජිනේරු තාක්ෂණවේදය, ආහාර හා පරිභෝජන තාක්ෂණ වේදය , ගුවන් ක්ෂේත්‍ර (Aviation ) අධ්‍යනය.


එතකොට STEM කාණ්ඩයේ ළමයි අර විෂයන් හතට අමරතව මේ විෂය කාණ්ඩයෙනුත් ගණිතය සහ තොරතුරු තාක්ෂණය එක්ක විෂයන් 04ක් ගන්න ඕන.


🏴ඒ කියන්නෙ මේ විෂයන් 04 යි සාමාන්‍යය පෙළ විභාගයට එන විෂයන් 07යි එක්ක ඔක්කොම විෂයන් 11ක් කරන්න ඕනද ?


ඔව් 


හැබැයි විෂයන් 11ක් නෙමේ විෂයන් 14ක් කරන්න ඕන.


🏴ඒ කිව්වේ අනිත් විෂයන් තුන කොහෙන්ද එන්නෙ ?


අන්න හොඳ ප්‍රශ්නයක්.


ඒක වෙන්නෙ මෙහෙම.


🚩STEM කරන ළමයෙක් මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාව කියන විෂයන් ටිකෙන් අනිවාර්‍යෙන්ම ඉතිහාසය හා සෞන්දර්ය විෂයක් තෝරගන්න ඕන.


ඊට අමතරව වෘත්තීය පුහුණු විෂයක් හදාරන්න ඕන.


අන්න එතකොට සාමාන්‍යය පෙළට ලියන නැත්තම් විභාගයට එන විෂයන් හතට අමතරව STEM කාණ්ඩයේ ළමයෙක් විභාගයට එන්නෙ නැති STEM කාණ්ඩයේ ගණිතය හා තොරතුරු තාක්ෂණය එක්ක විෂයන් හතරකුයි මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවෙන් කාණ්ඩයෙන් ඉතිහාසය සහ සෞන්දර්ය විෂයකුයි එක්ක වෘත්තීය පුහුණු විෂයකුත් අරං විෂයන් 14 ගන්න ඕන.


ඒ කියන්නෙ උසස්පෙළට විද්‍යාව හෝ ගණිතය හෝ තාක්ෂණවේදය කරන්න ඉන්න A වගේ ළමයෙක්ගේ විෂය සංකලනය වෙන්නෙ මෙන්න මෙහෙම.


ඕලෙවල් වලට එන 

අනිවාර්‍ය විෂයන් පහයි.

තෝරගන්න විෂයන් දෙකයි.


ඕලෙවල් වලට එන්නෙ නැති

STEM කාණ්ඩයේ ගණිතය , ICT එක්ක විෂයන් හතරයි.

මානව ශ්‍රාස්ත හා සමාජ විද්‍යාවෙන්

ඉතිහාසය සහ සෞන්දර්ය විෂය එක්ක විෂයන් දෙකයි.

වෘත්තීය පුහුණු විෂයයි.

ඔක්කොම 14 යි.


🏴හරි එතකොට මොනාද මේ වෘත්තීය පුහුණු විෂයන් ?


ආ අමතක උනා ඒවා තමයි මේවා.


ඉදිකිරීම් සහ යටිතල පහසුකම්


නිර්මාණාත්මක කර්මාන්ත

ප්‍රාථමික කර්මාන්ත

සමාජ හා සන්නිවේදන සේවා

නිෂ්පාදනය සහ තාක්ෂණය


🚩හරි දැන් බලමු උසස්පෙළට කලා කරන නාමල් ගේ විෂය සංකලනය කොහොමද කියලා.


එයා අර විභාගයට එන විෂයන් හතක් එක්ක විභාගයට එන්නෙ නැති 

මානව හා ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවෙන් විෂයන් හතරයි, STEM කාණ්ඩයෙන් තොරතුරු තාක්ෂණය එක්ක විෂයන් 02ක් ඒ කියනේ IT එක්ක තව විෂයක් සහ වෘත්තීය පුහුණු විෂයක් කරන්න ඕන.


ඒ කියන්නෙ Bට සිද්ධ වෙනවා


ඕලෙවල් වලට එන 

අනිවාර්‍ය විෂයන් පහයි.

තෝරගන්න විෂයන් දෙකයි.


ඕලෙවල් වලට එන්නෙ නැති


මානව හා ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවෙන් විෂයන් හතරයි, 

STEM කාණ්ඩයෙන් තොරතුරු තාක්ෂණය එක්ක විෂයන් 02යි, 

වෘත්තීය පුහුණු විෂයක් එක්ක ඔක්කොම 14ක් කරන්න ඕන.


🚩දැන් බලමු උසස්පෙළට කොමස් කරන්න ඉන්න C වගේ ළමයෙක් මොනව වගේ විෂයන්ද කරන්න ඕන කියලා.


එයා අර විභාගයට එන විෂයන් හතක් එක්ක විභාගයට එන්නෙ නැති 

කළමනාකරණයෙන් විෂයන් හතරයි, මානව හා ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවෙන් ඉතිහාසය සහ සෞන්දර්ය කියන විෂයන් 02යි වෘත්තීය පුහුණු විෂයක් කරන්න ඕන.


🚩එතකොට එයා


ඕලෙවල් වලට එන 

අනිවාර්‍ය විෂයන් පහයි.

තෝරගන්න විෂයන් දෙකයි.


ඕලෙවල් වලට එන්නෙ නැති කලමණාකරනයෙන් විෂයන් හතරයි,

මානව හා ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවෙන් ඉතිහාසයයි, සෞන්දර්ය විෂයකුයි එක්ක විෂයන් දෙකයි,

වෘත්තීය පුහුණු විෂයක් එක්ක ඔක්කොම 14 කරන්න ඕන.


⏺️සරලව කිව්වොත් හැම ළමයෙක්ටම විභාහගයට එන විෂයන් හතට අමතරා තව විෂයන් හතක් ඉගෙන ගන්න ඕන.


🏴දැන් කොහොමද මේවට ක්‍රෙඩිට් හම්බුවෙලා වාරෙකට ක්‍රෙඩිට් 35ක් එන්නෙ ?


පොඩ්ඩක් ඉන්න.


🚩ඊටකලින් බලමු ක්‍රෙඩිට් එකක් කියන්නෙ මොකක්ද කියලා.


සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක ක්‍රෙඩිට් අගය හදන්නෙ එක විෂයක් සඳහා සිසුන් සෑම සතියකම යොදන ඉගෙනුම් වේලාවන් (lectures + practicals + self-study) පදනම් කරගෙන.


මේකත් එ වගේ වෙන්න ඕන.


ඒ අනුව ගත්තම


.

 *මව්බස: (Credits: 3)

 * ඉංග්‍රීසි:(Credits: 3)

 * ගණිතය(Credits: 3)

 * විද්‍යාව: (Credits: 3)

 *ආගම සහ සාරධර්ම අධ්‍යයන:(Credits: 2)

එතකොට මුළු අනිවාර්ය විෂයයන් 05ට Credits 14ක් එනවා.


ඊටපස්සේ තෝරාගත හැකි විෂයයන් 2ක් සඳහා 

එක විෂයකට Credits 2ක් එනවා.

එතකොට සාමන්‍ය පෙළ විභාගයට එන විෂයන් හතට ඔක්කොම Credits 18ක් එනවා.


ඊටපස්සේ බලමු අර විභාගයට එන්නෙ නැති විෂයන් හතට කොහොමද ක්‍රෙඩිට් බෙදෙන්නෙ කියලා.


එකෙදි වෙන්නෙ තමන් තෝරගන්න කාණ්ඩයේ විෂයන් හතරයි අනෙක් කාණ්ඩ දෙකෙන් ගන්න විෂයන් තුන එකයි ඔක්කොම විෂයන් හතට Credit 02 ගාණේ Credits 14ක් එනවා.


🏴එතකොට විභාගයට එන විෂයන් වලට Credits 18යි, විභාගයට එන්නෙ නැති විෂයන් වලට Credits 14යි එක්ක ඔක්කොම Credits 32යිනෙ.

එතකොට 35ක් වෙන්න ඉතුරු Credits තුන කොහෙන්ද එන්නෙ ?


🚩තව විෂය කාණ්ඩයක් තියනවා තීර්‍යක්ත කුසලතා කියලා.(Transversal Skills) කියලා.

ඒකට තව Credits තුනක් එනවා.


🏴හරි එකේ තියෙන විෂයන් මොනවද ?


එකේ තියනවා


සාහිත්‍ය ඇගයීම්, මාධ්‍ය අධ්‍යයනය, කාර්මික නිරාවරණය, සේවා අංශයේ අධ්‍යයන,ගෝලීය අධ්‍යයනය,සමාජසේවා, සෞඛ්‍ය සහ ක්‍රීඩා,ව්‍යවහාරික තාක්ෂණවේදය,සෞන්දර්ය ඇගයීම,සිනමා අධ්‍යයනය,Foundation of Carrier Readiness, ඩිජිටල් පුරවැසිභාවය.


හැබැයි මේ විෂය කාණ්ඩය හඳුන්වාදෙන්නෙ පාසල් පද්ධතිය තුල මේ සඳහා ගුරුවරු සහ භෞතික සම්පත් සම්පූර්ණ කරායින් පස්සේ.


⏺️සරලව කිව්වොත් එතකන් යන්නෙ වාරයකට Credits 32යි.


🏴එතකොට විභාග කරන්නෙ කොහොමද ?


විභාග සිද්ධවෙන්නෙ ඇගයීම් පදනම් කරගෙන.


🚩එතකොට ඇගයීම් ක්‍රම 02ක් තියනවා.


1) ඉගෙනුම් මොඩියුල පදනම් කරගත් ඇගයීම්

2) ජාතික ඇගයීම ( සාමන්‍ය පෙළ විභාගය)


🏴එතකොට මොකක්ද මේ GPA කතාව?


Grade Point Average කියන එක කෙටි කරලා තමයි GPA කියලා කියන්නෙ 


විභාගට කුසලතා ශ්‍රේණි (A,B,C,S,W) නැතුව GPA අගයක් තමයි දෙන්නෙ.


මේකේ හදන ක්‍රමය ගැන තාම විභාග දෙපාර්තුමේන්තුව දන්වලා නෑ.


හැබැයි මම facebook එකේ දැක්ක උදාහරණයක් දෙන්නම්.


🚩විෂයට ගන්න ලකුණු අනුව මෙන්න මෙහෙම GPA දෙන්න පුළුවං.

   * 90-100% = 4.0

   * 80-89% = 3.7

   * 70-79% = 3.3

   * 60-69% = 3.0

   * 50-59% = 2.7

   * 40-49% = 2.0 (සමත්)

   * 39%ට අඩු = 0.0 (අසමත්)

 

ශිෂ්‍යයෙකු විෂයයන් 7 සඳහා ලබාගන්නා ලකුණු අනුව, එම එක් එක් විෂයයට අදාළ GPA එක මෙහෙම දෙන්න පුළුවං.

 

🚩* GPA ගණනය කිරීම: අවසාන GPA අගය ගණනය කරනු ලබන්නේ සියලුම විෂයයන් සඳහා ලැබුණු GPA අගයේ සාමාන්‍යය ගැනීමෙන්.

   උදාහරණයක්:

   යම් සිසුවෙකු විෂයයන් 7 සඳහා පහත GPA ලබා ගත්තා නම්

   * ගණිතය: 3.7

   * ඉංග්‍රීසි: 3.3

   * මව්බස: 4.0

   * ආගම: 3.7

   * විද්‍යාව: 3.0

   * තෝරාගත් විෂය 1: 3.5

   * තෝරාගත් විෂය 2: 3.2

   මුළු ලක්ෂ්‍ය අගයන් එකතුව = 3.7 + 3.3 + 4.0 + 3.7 + 3.0 + 3.5 + 3.2 = 24.4

   GPA = මුළු ලක්ෂ්‍ය අගයන් එකතුව / විෂයයන් ගණන

   GPA = 24.4 / 7 = 3.48 (ආසන්න වශයෙන්)

   මේ අනුව, එම සිසුවාගේ අවසාන GPA අගය 3.48 ක් වෙනවා.


මේ හරහා සාමාන්‍යය පෙළ සමත්ද අසමත්ද කියන එක තීරණය කරන්නෙ කොහොමද කියලා තාම පැහැදිලි කිරීමක් නෑ.


📜හැබැයි සාරංශය මෙහෙමයි.


🚩විභාගයට එන්නෙ අනිවාර්‍ය විෂයන් පහක් සහ තෝරාගන්නා විෂයන් එක්ක විෂයන් හතයි.


🚩විභාගයට නොඑන තව විෂයන් හතක් එක්ක ඔක්කොම විෂයන් 14යි.


🚩කතාබහට ලක් උන ඉතිහාසය විෂය විභාගයට අනිවාර්‍ය විෂයක් නොවුනත් විභාගයට නොඑන විෂය කාණ්ඩයෙ STEM සිසුන්ට සහ කළමනාකරණය හදාරන සිසුන්ට අනිවාර්‍ය විෂයක් වෙනවා.


🚩විභාගයට එන විෂයන් හතටයි විභාගයට නොඑන විෂයන් හතටයි Credits 32ක් එක වාරෙකට එනවා.


🚩Transversal Skill යටතේ පාසල් වල ගුරුවරු පුහුණුකලාට පස්සේ තව Credit තුනක් එක්ක ඔක්කොම Credits 35ක් වාරෙකට එනවා.


🚩එක පීරියඩ් එකකට විනාඩි 50 ගාණේ පීරියඩ් 7ක් එන නිසා පාසල් කාලය විනාඩි 30කින් වැඩිවෙනවා.

Comments

Most Popular Posts

Royal College Principal’s WhatsApp Message Sparks Outrage Over English Standards

  ROYAL EMPOWERMENT OR ENGLISH DISASTER? PRINCIPAL’S SHOCKING WHATSAPP MESSAGE LEAVES PARENTS AND STUDENTS STUNNED! Is this really the standard of English we expect from the helm of Sri Lanka’s premier educational institution? A screenshot of a WhatsApp message allegedly sent by the Principal of Royal College; Athula Wijewardane has sent shockwaves through the school community, raising serious questions about the appointments being approved by the Ministry of Education. The text message, riddled with fundamental spelling errors and glaring grammatical flaws reads: > " Ecording to this ceruler , you must stop every College activity or training program, meeting or anything, including Sports, Club and Society. Don't pressure me to do wrong. Pls, understand we have big responsibility about everyone." >  “Ecording”? “Ceruler”? While the principal attempts to enforce administrative orders, the delivery has left students, teachers, and old boys utterly baffled. At a prest...

The Sudden Collapse of Royal College’s Tamil Stream

  THE SHOCKING TRUTH BEHIND ROYAL COLLEGE’S NEW CRISIS: SYSTEMATIC DISCRIMINATION OR TOTAL ADMINISTRATIVE FAILURE? Royal College, Colombo, long regarded as a crown jewel of Sri Lanka’s public education system, is now at the center of a brewing scandal that threatens to shatter its legacy of academic inclusivity. A formal complaint addressed directly to Prime Minister and Minister of Education, Hon. Dr. Harini Amarasuriya, has exposed what affected parents are calling a deliberate attempt to dismantle the school’s historic Tamil-medium stream under the administration of Principal Athula Wijewardene. The allegations detailing unfair admission practices, biased interview procedures, and the sudden physical erasure of classroom spaces present an alarming picture of administrative rot at one of the nation's premier national schools. A Deliberate Plan to Squeeze Out Minority Students? According to detailed documentation submitted by affected parents, the current Advanced Level (A/L) inta...

අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්!

  අතුල විජේවර්ධන මහත්තයට විවෘත හසුනක්! කතෘ සටහන: හොස්ටල් එකේ පියෙක් එවල තිබුනේ මොනරාගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයකින්. දීර්ඝ ලිපියක්. අපි කෙටි කලා. .  මේ අහිංසක මිනිස්සු ජීවිතය පුරා අනේක විධ දුක් ගැහැට විඳි මිනිස්සු. අපට හිතාගන්ඩ බැරි විජේවර්ධන මහත්තයා වැනි, එවැනිම දුක් විඳපු කෙනෙක් යටතේ ඔවුනට මෙම පීඩනයට ලක්වීමට සිදුවීමයි. එක අතකින් පුදමයකුත් නෙමෙයි. කැලේ ගහක් නැහෙන්නේ කැලේ ගහකින්මලු! හොස්ටල් එකේ නායයෑම ඇරඹුනේ ලමුන් 350ක් නෙමෙයි තමුන් ගේ දරුවන් වත් හරියට බලාගන්ඩ බැරි පියෙක් මෙහි පාලකයා ලෙස ඔබ පත් කල දිනයේ පටන්. හිතක් පපුවක් වෙනුවට යකඩ හදවතක්. ලාබාල දරුවන් වෙනුවට ඔහු දුටුවේ හමුදා පුහුණුවකට පැමිනි සොල්දාදුවන් පිරිසක්. ලමුන් හැදීමට සුදසුම පරිසරය ලෙස ඔහු දුටුවේ වැලිකඩ බන්ධනාගාරයයි. හිතාගන්ඩ පුළුවනිද රෑට රෑට ඩෝමෙට්‍රි ඉබ්බෝ දාලා වහනවා?  ඔබතුමා ගේ අකලංක විශ්වාසය සහ පූර්ණ ආශීර්වාදය මත සුබ නැකතින් ගුණවර්ධන මහත්තයා වැඩ ඇල්ලුවා! ඉස්සෙල්ලාම යකඩ ගේට්ටුව වැහුනේ ඈත ගම් නියම් ගම්වල ඉඳලා පැය ගනන් දුර කතර ගෙවා දරුවන් රැගෙන එන දෙමාපියනට. කොටින්ම කියතොත් ඉස්සෙල්ලාම, හා හා පුරා කියලා කිරි...